ජාතික රෝහලේ කුඩු ජාවාරමට හවුල් වෘත්තීය සමිති ලොක්කාගේ සුපිරි දේපොළ ගැන පරීක්‍ෂණ

582

කොළඹ ජාතික රෝහලේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ එක්තරා වෘත්තීය සමිතියක නායකයකු රුපියල් කෝටි ගණනක් වටිනා සුපිරි නිවසක් සහ අති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ආරංචි මාර්ග පවසන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෘත්තීය සමිති නායකයා දෙමටගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පාතාල කල්ලියකට සම්බන්ධ වී මෙම ජාවාරම කොළඹ ජාතික රෝහල තුළ කරගෙන යන බවයි. කොළඹ ජාතික රෝහලේ පහළ ශ්‍රේණියේ රැකියාවක් කරන මෙම වෘත්තීය සමිති නායකයා කලක් දෙමගොඩ ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිවී සිටි අයෙකි. මොහු එහි සිටියදී දෙමටගොඩ පාතාල කල්ලිය සමඟ සබඳතා ගොඩනගා ගන්නට ඇති බවට සැක පහල කෙරේ. මත්කුඩු ජාවාරමේ යෙදෙන මෙම වෘත්තීය සමිති නායකයාට එරෙහිව ජාතික රෝහලෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පොලිසියද වෙනම විමර්ශනයක් පවත්වාගෙන යයි. මෙම වෘත්තීය සමිති නායකයා රෝහල් සේවකයන් පොළඹවාගෙන මත්කුඩු ජාවාරමට එරෙහිව ජාතික රෝහල ගෙන යන ක්‍රියාමාර්ග අඩපණ කිරීමේ උත්සාහයක් ගෙන යන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment