ගමේ සභාවලට පරණ අයම දැම්මොත් පැෆරල් උසාවියට

386

විසුරුවා ඇති පළාත් පාලන ආයතනවල සභිකයන් නැවත පත්කිරීමට උත්සාහ කළහොත් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය.

මෙය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත්, මෙය ක්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු, පළාත් සභා වැනි මැතිවරණවලටත් ගෙන ඒමට හැකිය යන පුර්වාදර්ශයක් ඇති විය හැකි බවත් හෙතෙම කීය.

සභිකයන් පත්කිරිම සිදුවුවහොත් එම සභිකයන් අතර සභාපති, නගරාධිපති ඇතුළු ධුරයන් ද පත්වන බවත්, එය මහජන නියෝජනයක් නොමැතිව දේශපාලන අවශ්‍යතා අනුව සිදුවිය හැකි බවත් හෙට්ටිආරච්චි මහතා කීය.

ප්‍රාදේශීය සභා මැතිවරණය නොපවත්වා ප්‍රජාතන්ත්‍රවාදයට යම් බලපෑමක් සිදුකර ඇති අවස්ථාවක, විසුරුවා ඇති පළාත් පාලන ආයතනවලට හිටපු සභිකයන් පත්කිරීමට උත්සාහ කිරීම, පවතිනවා යැයි කියන ප්‍රජාතන්ත්‍රවාදයට තවත් අතුල්පහරක් බවත් ඒ මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment