මනිරත්නම්ගේ ‘පොන්නියින් සෙල්වන්’ ලංකාවේ රූගතකිරීම් නතර කළේ නිෂ්පාදකයින්ගේ තීරණයකින් – රවීන්ද්‍ර රන්දෙනිය

1651

ප‍්‍රකට ඉන්දීය සිනමාකරු මනිරත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ අලූත්ම චිත‍්‍රපටය වන ”පොන්නියින් සෙල්වන්” චිත‍්‍රපටයේ ශී‍්‍ර ලංකාවේ රූපගත කිරීම් අවලංගු කරන ලද්දේ එම නිෂ්පාදන සමාගමේ තීරණයක් අනුව බව එහි ශී‍්‍ර ලංකාවේ පහසුකම් සපයන්නන් වූ ‘ෆිල්ම් ටීම්’ ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි. රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ මේ සඳහා පසුතල ඉදිකිරීමට කලින් සැලසුම් කොට තිබූ නමුත් ඒ පිළිබඳ අවසාන තීරණයක් ගෙන නොතිබූ බවත් පවතින වසංගත තත්ත්වය නිසා උද්ගත වන දුෂ්කරතා හේතුවෙන් හා හයිද්‍රාබාද්හි රාමෝජි සිනමා ගම්මානයේ ඉදි කොට තිබෙන පසුතල ප‍්‍රමාණවත් වෙනස් කිරීමකින් පසු අපේක්ෂිත රූගත කිරීම් පිණිස යොදා ගත හැකි බැවින් ශී‍්‍ර ලංකාවේ රූගත කිරීමට සැලසුම් කොට තිබූ දර්ශන එහිදී රූගත කිරීමට තීරණය කොට ඇති බවත් නිෂ්පාදක සමාගම විසින් දැනුම් දී ඇති බවත් රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි.

මනිරත්නම්ගේ 'පොන්නියින් සෙල්වන්' ලංකාවේ රූගතකිරීම් නතර කළේ නිෂ්පාදකයින්ගේ තීරණයකින් - රවීන්ද්‍ර රන්දෙනිය


ඓතිහාසික වීරාඛ්‍යානයක් වන ”පොන්නියි සෙල්වන්” මනිරත්නම්ගේ 27 වන අධ්‍යක්ෂණයයි. මෙම දැවැන්ත දමිළ භාෂිත චිත‍්‍රපටයේ වික‍්‍රම්, අයිශ්වර්යා රායි, ටී‍්‍රෂා, කාර්ති, ජයරාම්, ජයම් රවි, ප‍්‍රභූ, සරත්කුමාර් ආදී කොලිවුඞ් හා බොලිවුඞ් ජනප‍්‍රිය නළුනිළියන් රැුසක් චරිත නිරූපණය කරන අතර සංගීත අධ්‍යක්ෂණය ඒ. ආර්. රහුමාන් විසිනි.

මනිරත්නම්ගේ 'පොන්නියින් සෙල්වන්' ලංකාවේ රූගතකිරීම් නතර කළේ නිෂ්පාදකයින්ගේ තීරණයකින් - රවීන්ද්‍ර රන්දෙනිය


ප‍්‍රධාන රූගත කිරීම් 2019 දෙසැම්බර් 11 වන දින සිට දින 40 ක කාලයක් තායිලන්තයේදී සිදු කළ ”පොන්නියි සෙල්වන්” චිත‍්‍රපටයේ දෙවන රූගත කිරීම් අදියර දකුණු ඉන්දියාවේ ‘පුදුචෙරී’ ප‍්‍රදේශයේ ද සිදු කළ අතර එහි තෙවන අවසාන අදියර ශී‍්‍ර ලංකාවේ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සිදු කිරීමට කළින් සැලසුම් කොට තිබිණි. කොවිඞ් වසංගත තත්ත්වය හා නිෂ්පාදන පිරිවැය අවම කිරීම පිණිස ඉන්දියාවේ හයිද්‍රාබාද් ප‍්‍රදේශයේ පිහිටි රාමෝජි සිනමා නගරයේ රූගත කිරීමට නිෂ්පාදකයන් වූ ලයිකා ප‍්‍රඩක්ෂන්ස් හා මනිරත්නම් හිමිකාරිත්වය දරණ ස්ටුඩියෝ මැඩ‍්‍රාස් ටෝර්කීස් සමාගම තීරණය කොට ඇත්තේ එම අවසාන රූගත කිරීමේ අදියරයි.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment