ශ්‍රී ලංකාවට පදක්කම් 4 ක් – 2023 ආසියානු පැරා ක්‍රීඩා තරගාවලිය

311

2023 ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේ රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (25 වැනිදා) සමත් වූහ.

එහිදී සමිත දුලාන් රිදී පදක්කමක් සහ ජනනි ධනංජනා රිදී පදක්කම් දිනා ගත්හ.

සමිත දුලාන් හෙල්ල විසිකිරීමේ එෆ් 64 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත් අතර ජනනි ධනංජනා ද විසිකිරීම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්හ.

එම ඉසව්වෙන් තරග කළ කුමුදු ප්‍රියංකා ලෝකඩ පදක්කම දිනාගත් අතර පාලිත බණ්ඩාර යගුලිය විසිකිරීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා ලෙස සහභාගී වූ ලෝක වාර්තා ලාභී පැරාලිම්පික් රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත එෆ් 46 හෙල්ල විසිකිරීම ඉසව්වෙන් 4 වන ස්ථානයට පත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment