නිර්මාංශ ආහාර ප්‍රදර්ශනය දා…

71

සතුන් වෙනුවෙන් දහම් හඬක් ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය විසින් සංවිධාන කළ නිර්මාංශ දේශීය ආහාර වෙළෙඳ ප්‍රදර්ශනය හා සත්ත්ව සුබසාධන වැඩසටහන පසුගියදා අමුණුකුඹුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථාන භූමියේදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සතුන් වෙනුවෙන් දහම් හඬක් ජාත්‍යන්තර සංවිධානයේ සභාපති නීතිඥ බොබ් අයිසැක්සන්ගේ හා මහර ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු සහභාගි වූහ. මෙම වැඩසටහන සංවිධාන සඳහා අමුණුකුඹුර ග්‍රාම සංවර්ධන සමිතිය ද ඉහළ දායකත්වයක් දැක්වීය. ප්‍රදර්ශනයේ අවස්ථාවක් මෙහි දැක්වෙයි.

බල්ලන් පූසන් එන්නත් කිරීම ද මෙම ප්‍රදර්ශන පරිශ්‍රයේදී සිදුවුණි. එමෙන්ම අනවශ්‍ය ලෙස වර්ධනය වෙමින් පවතින සත්ත්ව ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු සතුන් සැත්කම් සඳහා යොමු කිරීම ද සිදු කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment