නව නිර්මාණවලට මාධ්‍යයෙන් සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ – වරදත්ත අරවින්ද

149

‘මට ආරාධනාවක් කළාදෝ…. කැසට්පටය හරහා 90 දශකයේ ඉතාමත් ජනප්‍රිය වූ ගී පෙල අදත් ඉඳහිට ඔබට ඇහෙනව ඇති. මේ හඬ හිමි ගායන ශිල්පියා අද බොහොම නිහඬ වෙලා. නමුත් ඔහුගේ නිර්මාණ අවදියෙන්. වරදත්ත අරවින්ද දිගු කලකට පසුව මීවිත හා මේ විදිහට දොඩමළු වුණා.

කුඩා කල සිටම ඔබ වාදකයෙක්?

ඔව්” කුඩා අවධියේ ඉඳන්ම තාල වාද්‍ය භාණ්ඩ වාදනයේ සුවිශේෂී හැකියාවක් මට තිබුණ. වයස අවුරුදු දහයේදී පමණ තබ්ලාව වාදනය කළා. මේ ආභාෂය මගේ පවුලේ පසුබිමෙන් මට ලැබෙන්න ඇති.

ඔබේ පියාත් සංගීතඥයෙක්?

මගේ තාත්තා ජයන්ත අරවින්ද. අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කළා. ඔහු පේරාදෙණිය සරසවියේ ඉන්න කාලෙ තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය බිහිවෙන්නෙ. මෙහි සංගීත අධ්‍යක්‍ෂණය සිදුවෙන්නෙ සරච්චන්ද්‍රයන්ගේ ශිෂ්‍යයකු වන මගේ පියාගේ අතින්. එතැන් සිට පෙමතෝ ජායතී සොකෝ” රත්නාවලී වැනි නාට්‍ය බොහොමයක සංගීතය නිර්මාණය වෙන්නෙ තාත්තාගේ අතින්.

සීයා ගැනත් කතා නොකරම බැහැ?

මගේ සීයා වින්සන්ට් සෝමපාල. ඔහු විශිෂ්ට සංගීතවේදියෙක් වගේම භාෂා විශාරදයෙක්. දශතාල ලක්‍ෂණය” තාල ඥානය” ගීත කලා නිධි” භාවික ගීත” ගීත විද්‍යා” පාසලි ගී” ව්‍යවස්ථික තාල සහ ජාති නාම විනිශ්චය වැනි විශිෂ්ට කෘති රාශියක් එතුමා අතින් බිහි වුණා. කුමාරතුංග මුණිදාසයන්ගේ හෙල මියැසිය නම් කෘතියට මගේ සීයාත් දායක වුණා. මව්පියො ආදී” සොඳරු තමාගේ කුලදෙටුවන් සෑමා” ශ්‍රී රාහුල හිමිගේ නාමේ වැනි ගීත නිර්මාණය වුණේ සියා අතින් වගේම ශ්‍රී ලංකාවේ ජාතික ගීය තෝරාගැනීමේ අවස්ථාවේදීත් ඔහුගේ දායකත්වය තිබුණා. මගේ මහප්පා ප්‍රවීණ කලා ශිල්පී රෝහණ බැද්දගේ. නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මගේ බාප්පා කෙනෙක්.

පවුලේ සංගීත කණ්ඩායමට මොකද වුණේ?

මම පාසල් යන කාලයේ පටන් අපේ පවුලේ අය එකතු වෙලා සංගීත කණ්ඩායමක් පිහිටුවාගෙන තිබුණා. මගේ අයියා වජිරපානි අරවින්ද ලීඩ් ගිටාරය වාදනය කළා. මිඩිල්ටන් ප්‍රනාන්දු බේස් ගිටාර්” තාරක බැද්දගේ කී බෝඩ්” මම ඩ්‍රම්ස් වාදනය කළා.

ගායනයට යොමුවෙන්නෙ කොතැනින්ද?

නව නිර්මාණවලට මාධ්‍යයෙන් සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ - වරදත්ත අරවින්ද

1990 වසරේදී ජාතික තරුණසේවා සභාව මගින් පැවැත්වූ යෞවන සම්මාන ප්‍රදාන තරඟාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය මට ලැබෙනව. මේ එක්කම ෂර්ලි වෛජයන්ත මහත්මයා යටතේ ජාතික තරුණ සේවා සභාවේ සංගීත පාඨමාලාවක් හැදෑරුවා. ඉන් පස්සෙ මුලින්ම නන්දසේන කටුවාවල මහත්මයා එක්ක එකතුවෙලා තනුවක් නිර්මාණය කළා. මේ තනුව ප්‍රවිණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දර මහත්මයා ඉදිරියේ ගායනා කළා. ‘මට ආරාධනාවක් කළාදෝ…. එතුමා අතින් අපූරු පදවැලක් නිර්මාණය වුණා. මේ සමගම තවත් ගීත තුනක් එතුමා අතින් ලියැවුණා. 1994 වසරේදී මේ ගීත හතර කොළඹ ජනකලා කේන්ද්‍ර ශබ්දාගාරයේදී”

දයානන්ද පෙරේරා මහතා අතින් පටිගත වුණා.ආනන්ද පෙරේරා” අශෝක පෙරේරා” තිස්සසිරි පෙරේරා” කලනි පෙරේරා” ඩී. ඩී. ගුණසේන සහ හේමපාල ගාල්ලගේ වැනි ශිල්පීන් වාදනයෙන් සහය වුණා.

කාලයත් එක්ක ඔබ රූපවාහිනී මාධ්‍යයට ඇළුම් කරනවා?

මට බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට ඇතුළත් වීමට අවස්ථාවක් ලැබුණත්” ජාතික තරුණසේවා සභාවේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ශිල්ප ක්‍රම හා වීඩියෝ තාක්‍ෂණය පාඨමාලාව මම තෝරාගන්නවා.

ප්‍රසංග වේදිකාවට ඔබ නැතිවම බැරි වුණා?

‘මට ආරාධනාවක් කළාදෝ. කැසට්පටය නිකුත්වීමත් සමග මම එළිමහන් ප්‍රසංගවලට සහභාගී වෙනව. ‘රුව නොදුටු හඬ පමණක් ඇසූ ගායකයා. ලෙස එදා වේදිකාවේ මාව හැඳින්වුවා.

දැන් වැඩිය දකින්න නැත්තෙ ඇයි?

සාමාන්‍ය ජීවිතයේ දකින්න ඉන්නව. නමුත් මාධ්‍යවලට අපිව අමතක වෙලා නිසා සංගීත ක්‍ෂේත්‍රය තුළ නැති බව බොහෝ දෙනකුට පෙනෙන්න පුළුවන්.

නව නිර්මාණවලට මාධ්‍යයෙන් සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ - වරදත්ත අරවින්ද

අලුත් නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

නව නිර්මාණ සඳහා වර්තමානයේ මාධ්‍ය මගින් සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ. නමුත් මගේ ආත්ම තෘප්තිය සඳහා ඉඳහිට නිර්මාණයක් නොකර ඉන්නෙත් නැහැ. මෑතකදී ‘වසන්තයේ අග. නමින් ගීතයක් නිර්මාණය කළා.

නමුත් You Tube හරහා නව නිර්මාණ ජනගත කරන්න පුළුවන්?

ඔව්” අලුත් සින්දු කර කර You Tube පුරවන්න පුළුවන් තමයි” ඒත් බොහෝ දෙනා දන්නෙ නැහැ මගේ පැරණි ගීත තිහකට වැඩි ප්‍රමාණයක් You Tube එකේ තියෙන බව. අලුතෙන් නිර්මාණ කරල අප්ලෝඩ් කළත් සිදුවෙන්නෙ මේ දේමයි.

මට ආරාධනාවක් කළාදෝ ගීතය එක් එක් අය විසින් You Tube තුළ Upload කර තිබෙනවා?

ඔව්” ඒ බොහොමයක් ගීත නියමිත ප්‍රමිතියේ නැහැ. ඒ නිසාම මම මෑතකදි මගේ කැසට් ගීත සියල්ලම එදා කැසටිපටයට පටිගත කළ තත්ත්වයෙන්ම You Tube චැනලයට එකතු කළා. එහි තිබෙන්නෙ නියම රසයෙන් යුතු මුල් ගීත.

වර්තමානයේ බිහිවන බොහෝ ගීතවලට පැවැත්මක් නැහැ?

වර්තමානයේ ගීත නිර්මාණය වන අරමුණම වැරදියි. අපි ඒ දවස්වල ගීත නිර්මාණය කළේ රසිකයන්ට හොඳ නිර්මාණයක් ලබාදීමේ අරමුණින් සහ තමාගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. අද අරමුණ වෙන්නෙ ගීතය ජනප්‍රිය කරගැනීම සහ මුදල් උපයන්නෙ කොහොමද කියන කාරණය. බලෙන් ජනප්‍රිය කළ ගීත පවතින්නෙ නැහැ.

මේ දවස්වල මොකද වෙන්නෙ?

මේ දවස්වල මම නිදහස් මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කරනව. ඒ වගේම ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සම්බන්ධීකරණ නිළධාරියකු වශයෙන් කටයුතු කරනව. රැකියාවේ කාර්යබහුලත්වය නිසා පසුගිය කාලයේ ප්‍රසංග වේදිකාවෙන් තරමක් දුරස්ව හිටියත්” ඉදිරියේදී නැවතත් ප්‍රසංග වේදිකාවෙන් මාව දැකගන්න ලැබේවි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment