ෆිල්ම් ෆෙයාර් හෙල්ලූ ටුවෙල්ත් ෆේල්

197
ෆිල්ම් ෆෙයාර් හෙල්ලූ ටුවෙල්ත් ෆේල්

69 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල පසුගියදා (28දා) රාත්‍රියේ ඉන්දියාවේ ගුජරාට්හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

එහිදී 2023 වසරේ තිරගතවූ සිනමා පට සඳහා සම්මාන ප්‍රදානය කෙරුණු අතර උළෙලේ දී වැඩි ගෞරව දිනාගැනීමට සමත්වූයේ වික්‍රාන්ත් මෙසී ප්‍රධාන චරිත නිරූපණය කරන විදු විනෝද් චොප්රාගේ ‘ටුවෙල්ත් ෆේල්‘ (12th Fail) සිනමාපටයයි. මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කළ විදු විනෝද් චෝප්රා ට හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද හිමි විය.

සිනමා උළෙලේ හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය “ඇනිමල්” සිනමාපටය සඳහා රන්බීර් කපූර් දිනාගත් අතර, එම කාණ්ඩයේම විචාරක සම්මානය දිනාගත්තේ වික්‍රාන්ත් මෙසීය. මෙවර උලෙළේදී හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මාන “රොකී ඕර් රාණී කී ප්‍රේම් කහානී” හි රංගනය වෙනුවෙන් ආලියා බාත් දිනාගත්තාය.

ෆිල්ම් ෆෙයාර් හෙල්ලූ ටුවෙල්ත් ෆේල්
advertistmentadvertistment
advertistmentadvertistment