තිස්සගේ සදහම් යාත්‍රාව “දේශකීර්ති ශ්‍රී ශාසනාභිමානී” ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි…

635

“සදහම් යාත්‍රා” සංකල්පයේ නිර්මාතෘවරයා වන ස.ජ.බ. ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වෙත “දේශකීර්ති ශ්‍රී ශාසනාභිමානී” ගෞරව සම්මානය පුද කෙරිණි. මෙම ගෞරව සම්මානය මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන හිමියන් විසින් ඊයේ 01 වැනිදා නාරාහේන්පිට, රාමඤ්ඤ මහා නිකාය මූලස්ථානයේදී පුදකරන ලදී.

මෙරට බෞද්ධ සංස්කෘතිය තුළ හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික නායකයන් එක්කරමින් ආගමික සංහිඳියාව සඳහා සිදුකළ කැප කිරීම වෙනුවෙන් මෙය පිරිනමා තිබේ.

“සදහම් යාත්‍රාව” වැඩසටහනෙන් වසර 02ට ආසන්න කාලයකදී විහාරස්ථාන 1800ක් සහ අනෙකුත් ආගමික ස්ථාන 200ක් ආවරණය කිරීමට තිස්ස අත්තනායක මහතා කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment