සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70 ක විශේෂ ඩෙංගු මර්දන සතියක්

44

විශේෂ ඩෙංගු මර්දන සතියක් ඊයේ (07 වැනිදා) සිට ලබන 13 වැනිදා දක්වා ප්‍රකාශයට පත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70 ක් ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය.

මෙම මාසයේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

පසුගිය 2023 වර්ෂයේදී ඩෙංගු රෝගීන් 88,390 දෙනකු වාර්තා වූ අතර ඩෙංගු රෝගයට ගොදුරුව 58 දෙනකු මියගොස් තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment