කතුන්ගේ ඇඳුම් ගලවා ෆේස්බුක් දමන තැනට රට පත්වීම කනගාටුවක් – ඇමැති මනූෂ නානායක්කාර

215

කාන්තාවන්ගේ ඇඳුම් ගලවා වීඩියෝ කර මුහුණු පොතට මුදාහරින තැනට සමාජය විනාශ වීම ඛේදනීය බවත් ශ්‍රමණ වේශධාරියාගේ ක්‍රියාව ගැන තමා කතා නොකරන නමුත් මෙවැනි තත්ත්වයට රට පිරිහීමට වගකිවයුත්තේ ගතවූ කාලයේ රට මෙවැනි තත්ත්වයට පත් කළ අය බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පවසයි.

කුලියාපිටියේ පැවැති එජාප ජනහමුවකදී අදහස් දැක්වූහ.

පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙන්න හතේ පොතට පාඩමක් දැම්මහම ඒකට මොන තරම් විරෝධයක් ආවාද. මේවා නැති කරපු එක නිසා තමයි ෆේස්බුක් එකෙන් මතුවන එක එක දේවල් මතුවෙන්න හේතුව. මේ අධ්‍යාපනය නැති කරපු එක. එකක් ජපානයෙන් මතුවුණා. ඊට පස්සේ තව එකක් මතු වුණා නිසි වයසේදී විධිමත් ආකාරයට ලිංගික අධ්‍යාපනය ලබාදීලා තිබුණා නම් අපේ කොල්ලෝ මේවාට අහුවෙන්නේ නෑ. අපේ තරුණ තරුණියන් මේවාට අහුවෙන්නේ නෑ. විවෘතව මිනිස්සුන්ට හිතන්න පුළුවන් වෙනවාට සමහරු කැමැති නැහැ. ඒ නිසා එදා කරන්න හදපු දේවල් විනාශ කළා යැයි ද කීය.

advertistmentadvertistment
advertistmentadvertistment