කිතුනු දෙව්මැඳුරුවල මංගල්‍යයන්හිදී විදුලිය පිරිමසන්න කියයි

66

ඉදිරි කාලවලදී දෙව්මැඳුරුවල පැවැත්වෙන වාර්ෂික මංගල්‍ය උත්සවවලදී හැකිතාක් විදුලිය පිරිමසා ගන්නා ලෙස කිතුනු දෙව්මැඳුරු භාර පියවරුන්ට දැනුම්දී තිබෙන බව ජාඇල-මීගමුව කලාපය භාර ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා ‘දිවයින’ට සඳහන් කළේය.

දෙව්මැඳුරුවල පැවැත්වෙන මංගල්‍යයන් වෙනුවෙන් ගොඩනැඟිලි මෙන්ම කොඩිගහට පවා වැඩිපුර විදුලිය සැපයීම කර විදුලි ආලෝකයෙන් වර්ණවත් කරන අතර අද තත්ත්වය අනුව බොහෝ දෙව්මැඳුරුවල විදුලි බලය සීමාකර තිබෙන බව ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා පැවැසීය.

මංගල්‍ය වෙනුවෙන් පෙරදින සවස පැවැත්වෙන සැඳෑ මෙහෙයන්වලදී පවා විදුලි ආලෝකය බොහෝදුරට සීමාකරනු ඇත.

නෝමන් පලිහවඩන, ජූඩ් හෙට්ටිආරච්චි – දුන්ගාල්පිටිය

advertistmentadvertistment
advertistmentadvertistment