පීඩනයට එරෙහිව කතිරෙ ගහන්න දෙන්නෙත් නෑ   – අනුර කුමාර

138

මේ වන විට ජනතාව විඳින පීඩනය මැතිවරණයෙන් ප්‍රකාශයට පත් කරන්න ආණ්ඩුව ඔවුන්ට දෙන්නෙ නැතැයි ජාතික ජන බලවේගයේ නායක මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) විමසා සිටියේය.

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත සම්බන්ධයෙන් අදහස් දන්වමින් හෙතෙම මෙසේ ද කීය.

ආණ්ඩුව මෙම ඡන්දෙ තියන්න සල්ලි නැහැ කියනවා. ඡන්දයක් තියන්න සල්ලි නැති තරමටම රට හින්දවලා නම් ආණ්ඩුව අයින් විය යුතුයි. ඒ නිසාම තමයි ඡන්දයක් තියන්න ඕනෑ. ජනතාවට කන්න දෙනන් බැරි නිසාම තමයි ඡන්දය තියන්න ඕනෑ. මේ පාර්ලිමේන්තුවත් නීති සම්පාදනය කරනවා මැතිවරණයට අදාළව. මේක ඡන්දය කල් දාන්න කරන දෙයක්. ඇයි ඒ ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ. ඒක තහවුරු වන සාධකය තමයි මැතිවරණය. ඒ නිසයි මේක වළක්වන්න උත්සාහ කරන්නේ. කිසිම දවටනයක් අවශ්‍ය නැහැ, මහා කතා අවශ්‍ය නැහැ, කෙළින්ම කියන්න මේ පනත ගේන්නෙ ඡනන්ද කල් දැමීමටයි කියලා. ඉවරයි. ජනතාව විඳින පීඩනය මැතිවරණයකින් ප්‍රකාශයට පත් කරන්න දෙන්නෙ නැද්ද. පාරට බහින්න දෙන්නෙත් නැහැ. කතිරෙ ගහන්න ඉඩ දෙන්නෙත් නැහැ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment