වේරැස් ගඟේ කිඹුලෝ කෑම සොයා පාරට එති

110

බෙල්ලන්විල, වේරැස් ගඟ ආශ්‍රිතව සිටින කිඹුලන් ආහාර සොයා මාර්ගවලට පැමිණීම නිසා එම ප්‍රදේශවාසීහු භීතියට පත්ව සිටිති.

මෙම කිඹුලන් ඇළ මාර්ග ඔස්සේ තදාසන්න ප්‍රදේශවලට නිරන්තරයෙන්ම පැමිණෙන බව ජනතාව කියති.

මේ වනවිට වේරැස් ගඟ ආශ්‍රිතව කිඹුල් ගහනයේ වැඩිවීමක් දක්නට ඇති අතර ආහාර සොයා කිඹුලන් ප්‍රධාන මාර්ග වෙත පැමිණෙන බව ප්‍රදේශවාසීහු පවසති.

සුනඛයන්, බළලුන් වැනි සතුන් කිඹුලන්ගේ ගොදුරු බවට පත්වීම වැඩිවී ඇත. වේරැස් ගඟේ ශාඛා වැටී ඇති සෙසු ප්‍රදේශවල ආරක්ෂාව උදෙසා යකඩ වැටවල් ගසා තිබුණත් ඉඳිගහදෙණිය මාර්ගයේ එවැනි ආරක්ෂක ක්‍රමවේදයක් නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, පින්සිරි ආරියරත්න සහ ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment