මග දිගට කැඩි කැඩී පැමිණි නුවරඑළියේ ලංගම බසය 63 කණුවේදී ප්‍රපාතයකට පෙරළිලා

545

මගීන් 18කට තුවාල

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ 63 කණුව පිහිටි වටවල සිංහල විද්‍යාලයට ආසන්න ප්‍රදේශයේදී ඊයේ (01) දා අලුයම 04.40 ට පමණ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ප්‍රපාතයට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 18 දෙනකු තුවාල ලබා ඇති බව වටවල පොලිසිය පවසයි.

එසේ අනතුරට පත්ව ඇත්තේ, කොළඹ සිට නුවරඑළිය දක්වා ගමන් ගන්නා නුවරඑළිය ලංගම ඩිපෝවට අයත් බස් රථයකි. එම බස් රථය රාත්‍රි 12.00 ට කොළඹ සිට ගමන් ආරම්භ කර පෙ.ව 06.00 ට නුවරඑළියට ළඟා වීමට නියමිතව තිබුණි.

බස් අනතුරෙන් එහි ගමන් ගත් මගීන් 18 ක් තුවාල ලැබීම නිසා වටවල රජයේ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබේ. තුවාලකරුවන්ගේ අස්ථි බිදීම්, තැලීම් හා සුළු තුවාල සිදුව ඇති බව වටවල රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

මග දිගට කැඩි කැඩී පැමිණි නුවරඑළියේ ලංගම බසය 63 කණුවේදී ප්‍රපාතයකට පෙරළිලා

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ මගීන් 120 ක් පමණ සිටි බවත් අතරමගදී බස් රථය විවිධ කාර්මික දෝෂවලට ලක්වෙමින් තිබූ බවත් මගීහූ පැවසූහ. රියදුරුට සහ කොන්දොස්තරවරයාට සුළු තුවාල සිදුව තිබේ.

රියදුරා හා කොන්දොස්තරවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා වටවල පොලිස් භාරයට ගෙන තිබේ.

සටහන හා ඡායාරූප මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, බදුල්ල එච්.එම්.සමරකෝන් බණ්ඩාර, නුවරඑළිය නාලක රත්නායක සහ හැටන් මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment