මහෙස්ත්‍රාත් ඉදිරිපිට දීම ‘ අයිස් ‘ මත්ද්‍රව්‍ය සිරමැදිරියට විසි කළ සැකකරුට මාස 6ක සිරදඬුවම්

485

තමන්ට එරෙහිව පවරා තිබූ නඩුකටයුත්තකට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණ විවෘත අධිකරණය හමුවේ නඩු කටයුතු පැවැත්වෙමින් තිබිය දීම සිර මැදිරිය තුළට අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කවරයක් විසිකළ පුද්ගලයකුට ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා ඊයේ (22දා) මාස හයක සිරදඬුවම් නියම කළේය.

සැකකැගේ එම ක්‍රියාව විනිසුරු අසුනේ සිටි අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙන්ම විවෘත අධිකරණය හමුවේ රාජකාරියේ නිරතව සිටි අධිකරණය භාර පොලිස් නිලධාරියා ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ ද ඇසගැටී තිබිණි. අනතුරුව වහාම ක්‍රියාත්මකවූ අධිකරණ පොලිස් නිලධාරී පොලිස් කොස්තාපල් එල්. ජී. එෆ්. මධුශංක (69981) මහතා එහි මත්ද්‍රව්‍ය අඩංගු කවරය සිය භාරයට ගෙන තිබිණි.

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 900ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වෙන් වෙන්ව නඩුපැවරීමෙන් අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මාස තුනක සිරදඬුවමක් ද අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාවට බරපතළ වැඩසහිතව මාස 3ක සිරදඬුවම් ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලදී. දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන විතානගේ දොන් එරන්ද පෙරේරා නැමැත්තෙකුට එලෙස දඬුවම් නියම කෙරිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment