මහකනදරාව වැව් රක්‍ෂිතයේ ඇතින්නියෝ 2ක් පැය 2ක් මහ සටනක…

712

මිහින්තලේ මහකනදරාව වැව් රක්ෂිතය ආසන්නයේ ‘පොතාන’ ප්‍රදේශයේ දී පෙරේදා (31දා) ඇතින්නියන් දෙදෙනකු දැඩි සටනක නිරත වූ බව ගම්වාසීහු පවසති.

මෙම ද්වන්ධ සටන පැය දෙකකට අධික කාලයක් පැවැති බව ද ගම්වාසීහු පැවසූහ. මෙහිදී අදහස් දැක්වූ මිහින්තලේ පාරම්පරික දේශීය වෛද්‍ය සෝමරත්න මහතා පැවසුවේ මෙම සටන හේතුවෙන් ඒ ආසන්න මුළු ප්‍රදේශයම දූවිලි වළාවකින් වැසී ගිය බවත් ඇතින්නියන් දෙදෙනකු සටන් කරන දර්ශනය ඉතා දුර්ලභ එකක් බවත්ය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment