ඡන්දය වෙනුවෙන් පෙනී සිටි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි

77

මේ රටේ හැමදාම ඡන්දය වෙනුවෙන් පෙනී සිටි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පෙරේදා පැවැති මාධ්‍ය හමුවේදී එසේ අදහස් දැක්වූ කාරියවසම් මහතා මෙසේද කීය.

මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපි පැහැදිලි ස්ථාවරයක සිටියා. රටේ පවතින තත්ත්වය අනුව කුමනදේ කළත් පළාත් පාලන මැතිවරණය අත්‍යාවශ්‍යයයි. එම නිසා එම මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්විය යුතුයි.

පාර්ලිමේන්තුවේ කතා කරපු කථිකයින් විශේෂයෙන් අනුර කුමාර හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඡන්දය ලබානොදීමේ වරද සම්බන්ධයෙන් නින්දෙන් ඇහරී කතා කරනවා වගේ තත්ත්වයක් අප දුටුවා.

මේ රටේ හැමදාම ඡන්දය වෙනුවෙන් පෙනී සිටි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. අපේ පක්ෂයේ නායකයින්ට කවදාවත් චෝදනාවක් නෑ ඡන්ද කල්දැමූ බවට. චෝදනාවක් තිබුණා නම් තිබුනේ නියමිත දිනට පෙර ඡන්ද පැවැත්වූවා කියලයි. ඡන්දය දාපු කෙනාගේ බෙල්ල කපපු, අත කපපු අතීතයක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණ අද ඡන්දය ප්‍රමාදවුවා කියා කරන කතා ජනතාව රැවටීමට කරන කතා පමණයි. මේ රටේ ඡන්ද ඉල්ලා සිටීමේ හා ඡන්දය වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මිසක් සමගි ජනබල වේගයටවත්, ජනතා විමුක්ති පෙරමුණටවත් නෑ.
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment