ඩොලරය ඊයේ රු.335ට නගී

130

මහ බැංකුව නිකුත් කළ නිල විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (14දා) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 319.84 ක් සහ විකුණුම් මිල රු.335.68 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මහ බැංකුවට අනුව ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් ඊයේ සටහන් වූයේ පිළිවෙළින් රු. 311.82 ක් හා රු. 328.86 ක් වශයෙනි. පසුගිය මාර්තු 09 වැනිදා මහ බැංකුවට අනුව ඩොලරයක ගැනුම් මිල

රු. 307.36 ක් දක්වාත් විකුණුම් මිල රු. 325.52 ක් දක්වාත් පහළ ගොස් තිබුණි.

මේ අතර අද දිනයේදී එ.ජ.ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය රු.322.96 ක් ලෙස වාර්තා වී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment