කොමර්ෂල් බැංකුවේ ‘Goldnet’ 16 වසරක් පුරා කාඩ්පත් ගනුදෙනු සඳහා විසඳුම් ලබාදීම සමරයි

46

කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා උත්සව අවස්ථාව අමතමින්.

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් සේවා සපයන ඩිජිටල් වේදිකාව වන Goldnet හි වසර 16 ක සාර්ථක මෙහෙයුම් මෑතකදී සමරන ලදී. මේ වන විට දේශීය බැංකු හා මූල්‍ය ආයතන 6ක් මෙන් ම මෙරට ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සපයන්නන් දෙදෙනාට මෙම පද්ධතිය සේවා සපයයි.

Goldnet සාමාජිකයින් උදෙසා බැංකුව විසින් සංවිධානය කරන ලද 2024 Goldnet සම්මන්ත්‍රණය ගෙවීම් කාඩ්පත් සම්බන්ධ මාතෘකා පිළිබඳ තාක්ෂණික වැඩසටහන් මාලාවකින් සමන්විත විය. තවද මෙහිදී, Goldnet සාමාජිකයින් හට ඇගයුම් පලක පිරිනමන ලද්දේ කොමර්ෂල් බැංකුව සමඟ ඇති නොසැලෙන හා අඛණ්ඩ හවුල්කාරීත්වය සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් ලබාදෙන දායකත්වය අගය කොට සලකමිනි.

2024 Goldnet සම්මන්ත්‍රණයේ සන්ධ්‍යාවේ පැවති සැසියේදී අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියෙකු හා වසර 103ක උරුමයක් ඇති මෙරට විශාලතම පුද්ගලික බැංකුව ලෙස, ඩිජිටල් ක්ෂේත්‍රයේ සුමට ගනුදෙනු ප්‍රවාහයක් පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම අපගේ යුතුකම බව අපි විශ්වාස කරමු. එය කුමන මූල්‍ය සංවිධානයක් විසින් සිදු කළත් පාරිභෝගිකයින් හට පරිශීලක හිතකාමී සේවා ප්‍රතිලාභ ලැබෙන බව සහතික කළ යුතුයි.”

advertistmentadvertistment
advertistmentadvertistment