විශේෂඥ වෛද්‍යවරුන්ට අවුරුදු 63 තෙක් ඉඩ – අභියාචනාධිකරණය නියෝග කරයි

96

රාජ්‍ය සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරුන්ට වයස අවුරුදු 63 වන තෙක් සේවය කිරීමට වහාම අවසර ලබාදෙන ලෙස අභියාචනාධිකරණය සෞඛ්‍ය අමාත්‍යවරයාට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා කැබිනට් මණ්ඩලයට ඊයේ (15 දා) නියෝග කළහ.

වයස අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් 2022 ඔක්තෝබර් 17 වැනිදා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනකු ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සමක් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරු එම නියෝගය කළහ. එකී කැබිනට් තීරණය අත්හිටුවමින් අභියාචනාධිකරණය මුල් අවස්ථාවේදීම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත්කර තිබිණි. පෙත්සම්කාර විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් නීතිඥ ලක්මිණි වරුෂවිතාන මහත්මිය සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින්පුල්ලේ මහතා වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment