මොළේ උණ බවට සැක ගාල්ලේ රැඳවියෝ 8 ක් කරාපිටිය රෝහලේ

40

මොළේ උණ වැළඳී ඇති බවට සැක කරන ගාල්ල බන්ධනාගාර රැඳවියන් 08 දෙනකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

ගාල්ල බන්ධනාගාරයේ සිට කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටි රැඳවියකු මොළේ උණ වැළඳීමෙන් මියගිය බවට වාර්තාවීම නිසා එම බන්ධනාගාරයට යොමුකරන රැඳවියන් අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරය වෙත යොමු කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබුණි.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියා මිය යෑමෙන් පසු තවත් රැඳවියන් අටදෙනකු උණ වැළඳීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටින බවත් ඔවුන් රෝහලේ සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබන බවත් දිසානායක මහතා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment