දරුවාගේ බෙල්ල මිරිකූ සීසර්ලාගේ ඇප අවලංගුයි

326

මීගමුහ සමූහ – විමල් කීර්ති
 
 හිඟ කල්බදු ඇති මෝටර් රථය පැහැර ගැනීම සඳහා මෝටර් රථ හිමියා සහ ඔහුගේ බිරිඳ හමුවේ දස හැවිරිදි පුතුගේ ගෙල මිරිකා මරණ තර්ජනය කර මෝටර් රථය පැහැර ගත්තේ යැයි චෝදනා මත වාහන සීසර්වරුන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබියදී ඔවුන්ම අධිකරණ වෙත ඉදිරිපත්වී නීතිඥ සහාය ඇතිව ඇප ලබා ගැනීමට සැලැස්වූ බව කියන මීගමුව විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට එරෙහි අගතියටපත් පාර්ශ්වය (කුඩා දරුවාගේ අයිතිවාසිකම් පාර්ශ්වය* විසින් මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට මානව හිමිකම් කොමිසම වෙත ඉකුත් (21 දා* පැමිණිලි කොට ඇත.
 
 අමානුෂික වධ බන්ධනවලට මුහුණු දුන් දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා ප‍්‍රමුඛ නීතිඥවරුන් පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
 
 කුඩා ළමයාට සිදුවූ අසාධාරණය පිළිබඳව පොලිස් කොමිසමට පොලිස්පතිවරයාට සහ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෙත ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාර මහතා පැමිණිලි කොට තිබේ.
 
 ඒ අනුව මීගමුව විවිධ අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා වෙතින් එම සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු වහා නවතා එහි වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතාට භාරදීමට නියෝග කළේය.
 
 සැකකාර සීසර්වරුන් තිදෙනාට ඇප ලබාගෙන ඇත්තේ මීගමුවේ වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයකු අධිකරණයේ සිටි දිනකදීය.
 
 මෙම නඩුවේ වැඩිදුර විමර්ශන ඇරඹූ මීගමුව අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා අධිකරණයෙන් මීට පෙර ඇප ලැබූ සීසර්වරුන් තිදෙනාගේ ඇප අවලංගුකර ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා රිමාන්ඞ් භාරයට පමුණුවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදී අගතියට පත් පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා නඩු තීන්දු
 
 5 ක්ද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
 
 කලින් ඇප ලැබූ සීසර්වරුන් (සැකකරුවන්* තිදෙනාට ජුලි මස 2 වැනි දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නොතීසි නිකුත් කරන ලෙස වැඩිදුරටත් නියෝග කළේය.
 
 මෙහි පැමිණිල්ල පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා මෙහෙය විය. වැඩිදුර විභාගය ජුලි මස 2 වැනි දින පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment