පරිශීලකයින් එයාර්ටෙල් Freedom රු. 749 පැකේජයේ සිය අත්දැකීම් පිළිබඳව කතා කරයි

82

පසුගිය වසර 2 තුළ අප යමක් ඉගෙන ගත්තා නම්, ඒ අනන්‍යයන් සමඟ සම්බන්ධව සිටීමේ වටිනාකමයි. රූපවාහිනිය නැරඹීමේ සිට උත්‍්‍ය දක්වා අප කරන කියන සෑම දෙයක් සඳහාම අප සියලු‍ දෙනා අපගේ ජංගම දුරකතන භාවිත කරනු ලබන අතරම බොහෝ දෙනෙක් මේ වන විට ඔවුන්ගේ වැය කරන මුදලට උපරිම වටිනාකමක් ලබා ගත ක්‍රම සොයමින් සිටී-

ඒ පිළිබඳව එයාර්ටෙල් සිය අවධානය යොමු කර ඇති බව පෙනේ. ඕනෑම ජාලයක් අතර අසීමිත දේශීය ඇමතුම් නොමිලේ ලබා දීමට මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල අසීමිතව සැරි සැරීමට පහසුකම් හා ප්‍රතිලාභ රැසක් පිරිනමනු ලැබූ පළමු ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන්නේ එයාර්ටෙල් ලංකා සමාගමයි- එයාර්ටෙල් Unlimited Freedom පැකේජය වෙත මාරු වූ කිහිපදෙනෙකුගෙන් එම අත්දැකීම කෙබඳුද යන්න සහ එයාර්ටෙල් විසින් පොරොන්දු වූ පරිදි ඔබ බලාපොරොත්තු වන දේ ලබා දෙන්නේ දැයි විමසා බැලීමට අපි තීරණය කළෙමු. තරුණ බැංකු වෘත්තිකයෙකු වන භාග්‍යා හට එයාර්ටෙල් හි රු. 749 පැකේජය පිළිබඳව දැනගන්නට ලැබී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලයක ඇයගේ මිතුරෙකු හරහායි- නව දුරකතන සම්බන්ධතාවයක් අත්හදා බැලීමට ඇය මුලදී පසුබට වූවත් තවත් මුදල් ඉතිරි කිරීමේ අවශ්‍යතාවය මත එය උත්සාහ කර බැලීමට ඇය තීරණය කළාය-

“මම දැනට භාවිත කරන මගේ දුරකතන අංකය වෙනස් කිරීමට මට අවශ්‍ය වූයේ නෑ- නමුත් මට තිබෙන්නේ dual SIM ජංගම දුරකනනයක් නිසා අවසානයේ මම එය මගේ දෙවන සිම්පත ලෙස භාවිත කිරීමට තීරණය කළා- මම දැන් එය භාවිතයට ගෙන මාසයක් පමණ වුවත් එය මගේ අවශ්‍යතාවන්ට හරියටම ගැලපෙන පැකේජය බව මට කිව හැකියි. මම මීට පෙර වෙනත් ජාලවල පැකේජ ගණනාවක් භාවිත කර තිබෙනවා- නමුත් ඒ කිසිවකින් අප ගෙවන මුදලට අප බලාපොරොත්තු වූ වටිනාකමක් ලබා දුන්නේ නැත. අපි ගෙවන මුදලට හොඳම වටිනාකමක් සොයන මෙවැනි කාලයක වෙනත් ජාල වෙත ලබා ගන්නා අසීමිත ඇමතුම් අපට බොහෝ සෙයින් උපකාරී වනවා- හොඳ සිග්නල් ආවරණය, ලබා ගන්නා හා ලැබෙන ඇමතුම්වල ගුණාත්මකභාවය සහ data විශ්වසනීයත්වයද ඉතා වැදගත්-

advertistmentadvertistment
advertistmentadvertistment