හෝටලේ නවාතැන් ගත් තරුණ යුවළ යන ගමන් කොරහත් බිඳගෙන ගිහින්….

1173

තරුණිය පැනයද්දී තරුණයා අත්අඩංගුවට

හෝටල් කාමරයක නවාතැන් ගෙන සිට පසුදා එම හෝටලයේ අයිතිකරුගේ ගෙල බැඳි ලක්ෂ නවයකට ආසන්න රන්මාලය කොල්ලකා පලා ගිය තරුණ යුවළක සිටි සැකකාර තරුණයා 3 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ල කන ලද රන් මාලයද සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, දෙවන පටුමග, ත්‍රිකුණාමලය පාර, මිහින්තලයේ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.

අනුරාධපුර නව නගරයේ රත්නායකපුර, තුන් වන පටුමගේ පිහිටි හෝටලයකදී මෙම කොල්ලකෑම සිදුව ඇති බව පොලිසිය කියයි. සාලයේ වාඩිවී සිටි එම යුවළේ තරුණයා එක්වරම තමන්ගේ කරට පැන, බෙල්ල සහ කට තද කර ගෙල බැඳ තිබූ රන් මාලය කොල්ලකා, තරුණිය සමග පළා ගොස් තිබේ.

සැකකරු ඊයේ (4 දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී (1) සංජීව මහනාම යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වික්‍රමආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ නොවිසඳුණු අපරාධ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගයාන් රාජකරුණා, පො. සැ. චන්දන (16446), පො.කො. අජිත් (70066), පො. කො. සුදර්ශන (86747) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
මිහින්තලේ – රංග චතූ, නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment