කුඹුරක් අසල මළ සිරුරු දෙකක්

373

වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ පිහිටි වළක තිබී පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

අදාළ පුද්ගලයින් වයස අවුරුදු 35ත් 40ත් අතර වයස්වල පසුවන්නන් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ පුද්ගලයින් දෙදෙනා පෙරේදා සිට අතුරුදන්ව සිට ඇති බවය.

වාරියපොළ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment