දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට

76


රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද ආරම්භ කෙරුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි.

මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අල්ලස් කොමිසමේ නීති නිලධාරීන් 10 දෙනෙකු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කිරීමට නියමිත කොමිසමේ ස්වාධීනත්වයට බාධා සිදුවන බව පෙන්වාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment