යුදහමුදා යතුරුපැදි සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණයක්

957

ජපන් මිත්‍රව පාළම දෙසින් වු පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාව සිදුවන අතරතුර ඊයේ යුද හමුදා යතුරු පැදි කණ්ඩායම් පැමිණීමත් සමග එල්ල වූ මහජන විරෝධය මැද පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කණගාටුව ප්‍රකාශ කර ඇති බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙසට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment