විකිරණ තාක්‍ෂණවේදීන් 40%ක් හිඟයි – සී.ටී- එම් ආර් අයි- පෙට් ස්කෑන් නවතීවි – විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය

67

ඉදිරියේ දී රජයේ රෝහල් පද්ධතිය තුළ සී. ටී. ස්කෑන්, එම්. ආර්. අයි. සහ පෙට් ස්කෑන් පරීක්‍ෂණ සේවාවන් නතරවීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වනවිට 40%ක පමණ විකිරණ තාෂණවේදීන්ගේ හිඟයක් පවතින බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.

මේ වනවිට එම හිඟයන් සමග සේවාවන් පවත්වාගෙන ගියත් මසකට නිලධාරීන් 3-4 ක් පමණ විදේශ ගතවීමේ ප්‍රවණතාවක් ද පවතින බව ඒ මහතා සඳහන් කරයි.

පවතින තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මාස කිහිපයකට ප්‍රථම දැනුවත් කර ඇතත් අදාළ විකිරණ තාක්ෂණවේදීන් බඳවා ගැනීම තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බවට එම සංගමය චෝදනා කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment