අත්පා මුහුණ ගැට ගසා බංගලිදේශ හිමිනම පැහැරගෙන හාලිඇල දමා ගිහින්

1127

කිසියම් පිරිසක් විසින් පිළියන්දල මඩපාත ප‍්‍රදේශයේදී පැහැරගනු ලැබූ විදේශීය ජාතික භික්ෂු නමක් හාලිඇල හැතක්ම ප‍්‍රදේශයේ මහමග දමා ගොස් සිටියදී පෙරේදා (12දා* සවස හමුවී ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.

බංග්ලාදේශ ජාතික විසිහය හැවිරිදි භික්ෂුනමක් මඩපාත දැන්වීම් පුවරුව අසලදී මෙසේ පැහැරගෙන අත්පා සහ මුහුණ ගැට ගසා වෑන් රථයකින් රැුගෙනවිත් හාලිඇල කැටවල ප‍්‍රධාන මාර්ගයේ හැතක්ම ප‍්‍රදේශයේ දමාගෙස් සිටියදී මාර්ගයේ ධාවනය වූ ත‍්‍රිරෝද රථයකින් හාලිඇල පොලිසියට පැමිණ සිද්ධිය පැමිණිලි කර තිබේ.

අත්පා මුහුණ ගැට ගසා බංගලිදේශ හිමිනම පැහැරගෙන හාලිඇල දමා ගිහින්

පිළියන්දල මඩපාත ප‍්‍රදේශයේ විහාරස්ථානයක සිටි මෙම හිමිනම මහරගම පොලිසියේ පැවති විමර්ශන කටයුත්තකට පැමිණ ආපසු සිය විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටියදී කිසියම් පිරිසක් විසින් තමා වෑන් රථයකට දමා අතපය සහ මුහුණ ගැටගසා පැය ගණනාවක් රැුගෙනවිත් හාලිඇල හැතක්ම ප‍්‍රදේශයේ දමා ගොස් ඇතැයි හාලිඇල පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම හිමිනම පැහැරගෙන ඒම පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිතය.

පැහැරගෙන මගමග දමා ගිය බවට පැමිණිලි කළ බංග්ලාදේශ ජාතික හිමිනම බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර තිබේ.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් පරිදි හාලිඇල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ අධීක්ෂණය යටතේ හාලිඇල පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.

බණ්ඩාරවෙල – කරුණාරත්න පල්ලේගම සහ හාලිඇල – කපිල චන්දන කුරුප්පුආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment