පැමිණිලි විභාගයෙන් පසු බෑණා නැන්දම්මාට හා මාමණ්ඩියට කඩුවෙන් කොටයි – නැන්දම්මා මරුට මාමණ්ඩියට බරපතළයි

455

* සැකකාර හිටපු හමුදා සෙබළ බෑනා ආයුධය සමඟ අත්අඩංගුවට

නැන්දම්මා සහ මාමණ්ඩිය සිටි නිවසට පෙරේදා (30දා) රාත‍්‍රියේ තියුණු ආයුධයක් රැුගෙන කඩාවැදුණු බෑනා එල්ල කළ ප‍්‍රහාරයකින් නැන්දම්මා මියගොස් මාමණ්ඩිය බරපතළ තුවාල ලබා ඇතැයි අඟු‍රුවාතොට පොලිසිය කියයි.

ඝාතනය සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළුකු වූ බෑනා තියුණු ආයුධය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ සුදුවා දේවගේ වසන්තා රම්‍යලතා (අවුඃ58) නමැති දෙදරු මවකි.

සැකකාර හමුදා සෙබළා විවාහ වී සිටින ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණිය සමග තෙබුවන පොලිස් වසමේ පදිංචිව සිට ඇති අතර ඔවුන් දෙදෙනා අතර නිරතුරුවම ආරවුල් පැවති ඇති බව පොලිසිය කියයි.

තම දියණියට බෑනා හිරිහැර කරන බව දන්වමින් තෙබුවන පොලිසියට මෙන්න කළුතර කාන්තා කාර්යාංශයට පැමිණිලි රැසක් ඝාතනයට ලක්වූ කාන්තාව විසින් සිදු කර තිබී ඇතැයිද පොලිසිය කියයි. එලෙස කරන ලද පැමිණිල්ලක් පෙරේදා (30දා) දෙපාර්ශ්වයම කැඳවා විභාග කර තිබූ බව විමර්ශනවලදී අනාවරණ වූ බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එදිනම රාත‍්‍රී 9 ට පමණ යතුරුපැදියකින් පැමිණ තිබූ සැකකාර සෙබළා නැන්දම්මා සහ මාමණ්ඩි නිදා සිටි නිවසට ඇතුළු වී මෙම අපරාධය කර පැයක් පමණ නිවස තුළ ගත කර පිට වී ඇති බවත් පොලිසිය කියයි.

ලේ පෙරෙන තුවාල සහිතව තම මස්සිනා පැමිණෙන අයුරු දුටු ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහෝදරිය ඒපිළිබඳ ඔහුගෙන් විමසීමේදී බෑණා පැමිණ මෙම අපරාධය සිදු කළ බව ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇය විසින් 1990 සුවසැරිය ගිලන් රථයට ඒබව දන්වා පොලිසියට පැමිණිලි කර තිබූ බවත් පොලිසිය කියයි.

මෙම අපරාධය සිදුකළ සැකකරු ගල්පාත ප‍්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබෙන පාළු නිවසක සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

36 හැවිරිදි සැකකරු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අඟු‍රුවාතොට පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිරිමෙවන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment