කැලණියේ වැසුණු පීඨ සඳුදා යළි ඇරෙයි

49

වසා දමා ඇති කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය, වාණජ හා කළමනාකරණ පීඨය හා තාක්‍ෂණ පීඨය අධ්‍යයන කටයුත සඳහා ලබන සඳුදා (11 දා) යළි විවෘත කරන බව විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

පසුගිය 5 වැනිදා වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ වසා දමනු ලැබුවේ විශ්වවිද්‍යාලයේ ආබාධිත සිසුවෙකුගේ මවකට ලිංගික බලපෑමක් එල්ල කළේ යැයි කියමින් අදාළව එහි ආරක්‍ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනකු රැගෙන ගොස් පහර දීමේ සිද්ධියක් හේතුවෙනි.

මෙහිදී විශ්වවිද්‍යාල සිසුන් සිව් දෙනකුගේ පන්ති තහනම් කිරීමට ද පාලනාධිකාරිය පියවර ගත්තේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment