දකුණු අප්‍රිකාව සහ එංගලන්තයත් රග්බි අවසන් පූර්ව සටනට

98

ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඊයේ (16 වැනිදා) අලුයම සහ පෙරේදා රාත්‍රී පැවැති අර්ධ අවසන් පූර්ව තරගවලින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සමත් වූයේය.

එහිදී දකුණු අප්‍රිකාව විසින් ප්‍රංශය ලකුණු 29-28 ක් ලෙසද එංගලන්තය විසින් විසින් ෆීජි 30-24 ක් ලෙසද පරාජය කරන ලදී.

නවසීලන්ත සහ ආර්ජන්ටිනාව අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම් වේ.

ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය ලබන 20 වැනිදා ආජන්ටිනාව සහ නවසීලන්තය අතර ද දෙවන අවසන් පූර්ව තරගය 21 වැනිදා දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර ද පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment