ඔලිම්පික් වෙත ක්‍රිකට් එයි

225

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම සඳහා සිය නිල අනුමැතිය ලබා දී ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය ඊයේ (16 දා ) නිවේදනය කළේය.

එම අනුමැතියෙන් පසු 1900 න් පසු වසර 128 කින් අනතුරුව පළමු වරට ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කොටසක් වනු ඇත.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට නව ප්‍රේක්ෂකයන් සම්බන්ධ කර ගැනීමට මෙය අවස්ථාවක් වනු ඇති බවත්, සුවිශේෂී අවස්ථාවක් නියෝජනය කෙරෙන ඔලිම්පික් ප්‍රවේශයේ දී ක්‍රීඩාව නැරඹීම සඳහා රූපවාහිනී සහ ඩිජිටල් වේදිකා හරහා බිලියන තුනකට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් එකතු වනු ඇති බවත් ගණන් බලා තිබේ. වර්ෂ 1900 දී පමණක් එක් වරක් ඔලිම්පික් තරගයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා තිබිණි.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment