රතු ලූනු වගාවෙන් ගොවීන්ගේ අතමිට සරු වෙලා

972

යල කන්නය සඳහා වලව කලාපයේ රතු ලූනු වගාකළ ගොවීන්ට සරු අස්වැන්නක් ලැබී ඇති අතර, මේ වන විට අස්වනු නෙලීමද ආරම්භ කර ඇත. රත්නපුර දිස්ති‍්‍රක්කය තුළ තෝරාගත් ප‍්‍රදේශ කිහිපයක මෙලෙස රතු ලූනු වගාව සිදුකර තිබිණ.

ඒ අනුව හි`ගුර, තෝරගල, උඩවලව, පනහඩුව, පනාමුර ආදී ප‍්‍රදේශවල අස්වනු නෙලීම ආරම්භ කර ඇත. වගාව සඳහා සබරගමු පළාත් කෘෂිකර්ම ව්‍යාපෘති කාර්යාලය ම`ගින් තිරසර සංවර්ධන කෘෂි කර්මාන්ත ව්‍යාපෘති යටතේ ගොවීන්ට බීජ, පොහොර, කෘෂි රසායනය හා තාක්ෂණය නොමිලයේ ලබාදීමට පියවර ගෙන තිබිණ. මෙවර විශේෂත්වය වන්නේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින් රතු ලූනු වගාව සිදු කිරීමය.

ඇඹිලිපිටිය – සේන වී. ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment