සෙල්ලම් කරමින් සිටි පවුලේ එකම දරුවා වගා ළිඳේ සැඟවිලා

65

වටවල පොලිස් වසමට අයත් බින්ඔය ඉහළ කොටසේ වතු නිවසක සෙල්ලම් කරමින් සිටි සිඟිත්තෙකුගේ සිරුර නිවස පිටුපස පිහිටි වගා ළිඳක තිබී හමුවී ඇති බව වටවල පොලිසිය පැවසීය.

මෙසේ වගා ළිඳේ තිබී හමුවී ඇත්තේ එම වතුයායේ පදිංචි කදිරවේල් රෝහිත් නමැති අවු 3යි මාස 09ක් වයසැති සිඟිත්තාගේ සිරුරයි.

මියගිය සිඟිත්තා ඉකුත් 21 දා පස්වරු 2ට පමණ නිවසේ සෙල්ලම් කරමින් සිට ඇත. පසුව ටික වේලාවකින් දරුවා නොමැති නිසා දරුවාගේ පියා සහ එම වතු නිවාසවල පදිංචි වතු කම්කරුවන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සිඟිත්තාගේ සිරුර වගා ළිඳේ තිබී සොයාගෙන ඇත.

මියගිය සිඟිත්තාගේ මව ගෘහ සේවය සඳහා විදේශ ගතවී ඇත. මෙසේ වගා ළිඳේ වැටී මියගොස් ඇත්තේ පවුලේ එකම දරුවා බව මියගිය දරුවාගේ පියා කියා සිටී.

නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි සිඟිත්තා එළවළු වගාවට ජලය ගන්නා වගා ළිඳට වැටී ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වටවල පොලිසිය කියයි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment