පුහු ආටෝප එපා: නත්තල් දා ආහාරවේල දිළින්දන් සමග ගන්නවා – කාදිනල්තුමා කියයි

250

මෙදා නත්තල් ආහාරවේල තමා දිළින්දන් සමග ගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (19දා) සවස කොළඹ අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අද රටේ පවතින ආර්ථික අහේනිය පිළිබඳව අදහස් දැක්වූ කාදිනල්තුමා මෙදා නත්තලෙන් අප ලබාදිය යුතු පණිවුඩය අහිංසක දිළිඳු පවුල්වලට උදව් උපකාර කිරීම යැයි ද පැවසීය.

නත්තල වෙනුවෙන් බොරු වියදම් නොකර අසරණ පවුල්වලට උදව් උපකාර කිරීමට නත්තලෙන් දිය යුතු ආදර්ශය බවද කාදිනල්තුමා කීවේය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පරීක්‍ෂණ වාර්තා ගැන ඇමැතිවරයා එක මතයක් ද ජනාධිපතිවරයා තව මතයක් ද දරන බවත් පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් පිළිබඳව කිසි විමර්ශනයක් තවමත් ක්‍රියාත්මක කර නැති බවත් කාදිනල්තුමා කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment