කෝටි 40ක ඉන්දියානු අයිස් අල්ලයි

207

රුපියල් කෝටි 40 කට වඩා වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ගෑම් 10.5 ක ප්‍රමාණයක් තූත්තුකුඩිය හරහා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සූදානම් කොට තිබියදී සැකකරුවන් හත් දෙනෙකු සමග එම මත්ද්‍රව්‍ය තොගය තමිල්නාඩූ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය පැකැට් පහක් තුල බහා මසුන් මැරීම සදහා පමණක් අවසර ලබා දි ඇති බෝට්ටුවක සගවාගෙන මන්නාරමට රැගෙන ඒමට උත්සහ කළ සැකකරුවන් හත් දෙනාගෙන් තුන් දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර ඉතිරි හතර දෙනා ඉන්දීය ජාතිකයෝ බවට හදුණාගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් හත් දෙනා තමිල්නාඩුවේ ප්‍රාන්ත අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment