පෙදි කොටා වැව් තාවුල්ලේදී අවසන් හුස්ම හෙළයි

217

මැදවච්චියේ නිවාස 16 කට බරපතළ හානි සිදු කළ මිනිස් ජීවිත 02 ක් බිලිගත් (පෙදි කොටා) නමැති අනුවර්තන නාමයෙන් හදුන්වන වල් අලියා බඳින තුවක්කුවක් පත්තුවීමෙන් අසාධ්‍ය තතත්ත්වයට පත්ව මැදවච්චිය අංක 77 ළිඳවැව තුලානේ දිවුල්ගහවැව වැව් තාවුලදී පසුගියදා (18 දා) මිය ගොස් තිබුණි.

අඩි 09 ට ආසන්න උසකින් යුත් වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසැති මෙම අලියා පසුගිය 09 වන දින දහවල් දිවුල්ගහවැව වැවි තාවුල වෙත පැමිණ ඇත. එය දුටු ගම්වාසීන් වල් අලියාගේ හැසිරීම අනුව අලියා අසාධ්‍ය තතත්ත්වයට පත්ව අති බව වටහා ගෙන ඇත. ඒ අනුව ක‍්‍රියාත්මක වූ ළිඳවැව ගම්වාසීන් වල් අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අදාළ බලධාරින් දැනුවත් කර ඇත. එසේ දැනුවත් කර දින 03 ක් ගත වුවද අනුරාධපුර වන ජීවි නිලධාරින් එම ස්ථානයට නොපැමිණි බව ගම්වාසීහු පවසති.

අනතුරුව වල් අලියාට ප‍්‍රතිකාර කිරීමට පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය කලාප භාර පශු වෛද්‍ය නිලධාරි සමීර කලිගුආරච්චි මහතා ඇතුලූ කණ්ඩායමක් පොළොන්නරුවේ සිට එම ස්ථානයට පැමිණ ඇත. පැය 06 ට ආසන්න කාලයක් එම කණ්ඩායම ප‍්‍රතිකාර කර ඇති අතර එහෙත් අලියා සුව කිරීමට එම කණ්ඩායමට නොහැකි විය. අනතුරුව දින ගණනාවක් නිරාහාරව එක්තැන්ව සිටී වල් අලියා තම අවසන් සුසුම් හෙලූවේද කඳුළු පිරි දෙනතිණි.

අප ගම්වාසීන් කළ චෝදනාව පිළිබඳ අනුරාධපුර වන ජීවි කාර්යාලයෙන් විමසීමක් කළා.

අපගේ කාර්යාලයේ සේවකයන් එම අවස්ථාව වන විට කොවිඞ් 19 වෛරසය ගොදුරු වෙලා හිටියේ. එම නිසයි පොලොන්නරුව නිලධාරින් එවන්න සිදු වුණේ යැයි එහි ප‍්‍රකාශකයකු පැවැසීය.

මැදවච්චිය – ගයාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment