මම වත්තේ කොල්ලෙක් – බුදුගුණ ගැන ගී ගැයූ නවරත්නම් ශිවලිංගම්

126

‘ද වොයිස් ශ්‍රී ලංකා’ සංගීතමය ප්‍රාසාංගික අත්දැකීම සමගින් එක්ව සුවහසක් වූ ප්‍රේක්‍ෂක ජනතාවගේ හදවත් දිනා ගැනීමට වාසනාවන්ත වූ නවරත්නම් ශිවලිංගම්, නැතහොත් ‘ශ්‍රී’ ගේ ප්‍රථම ගීතය වන බුදු ගුණ ගැන ගැයෙන ‘දේවාති දේවා’ මේ දිනවල අන්තර්ජාලයේ යූ ටියුබ් නාලිකාවේ ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මැද රැඳී තිබෙන මොහොතක සිය සංගීත චාරිකාව පිළිබඳව පවසමින් ‘ශ්‍රී’ දිවයින සිනමා කලා’ වෙතට මෙලෙස අදහස් දැක්වීය.

“මම වත්තේ කොල්ලෙක් කීවොත් නිවැරදියි. හැටන්, ඩයගම මගේ ගම. අම්මා තාත්තා වත්තේ වැඩ. ඩයගම දමිළ විiාලයෙන් සහ සෙන්ජෝන්ස් බොස්කො විදුහලින් මම අධ්‍යාපනය ලැබුවා. මට සහෝදරයින් දෙදෙනයි. මම පවුලේ බාලයා. සංගීතයට පෙම් බඳිමින් දුරගමනක් යන්න බලාපොරොත්තු වන මම මේ වනවිට සේවක භාකාර අරමුදලේ (ඊ.ටී.එෆ්) කළමනාකරණ සහකාර විදිහට රාජකාරි සිදුකරනවා.”

ඔබේ කලා දිවියේ ආරම්භය ගැන පැවසුවොත්….

මම පාසල් කාලයේ සිට ම ගීත ගායනා කළා. ශක්ති ටී. වී නාලිකාවේ ‘ඉලනයාගම්’ සංගීත වැඩසහනේ ගීත ගයා තෑගි ලැබුවා. සිරස නාලිකාවේ ‘සුපර් ස්ටාර් සීසන් 3,4 වෙනුවෙන් සහභාගී වුණා. ඒ අතර දමිළ සංගීත කණ්ඩායම් සමග එක්ව ගීත ගායනා කළා. මේ වසරේ දී පැවැත්වුණු ‘ද වොයිස් ශ්‍රී ලංකා” අවසන් තරගකරුවන් 164 දෙනා අතරට පැමිණියා. මම ඉවත් වුණේ බැටල් රවුන්ඩ් එකේදී. මේ තරගාවලියේ දී මම විවිධ ගීත ගායනා කළා. හුඟක් හොඳ රසික ප්‍රතිචාරයක් වගේම ආදරයක් ලැබුණා.

ඔබේ මුල්ම ගීතය ලෙස බුදුගුණ ගැන වැයෙන ගීයක්, නිර්මාණය කරන්නට සිතුණේ….

ඇත්තටම, මම හින්දු භක්තිකයෙක් වුණාට බුදුරජාණන් වහන්සේට පුදුම විදිහට විශ්වාස කරන්නෙක්. මට සිංහල, දමිළ, බහුතර ප්‍රේක්‍ෂක ජනතාවක් ආදරය කරනවා. ඉතිං… බුදුගුණ ගැන ගයන ‘දේවාති දේවා’ ඔවුන්ට උපහාරයක් විදිහට තමයි මම ගායනා කළේ.

ගීතය ලිව්වේ සුනෙත් රූපසිංහ මහත්තයා. සංගීතවත් කළේ කසුන් කල්හාර මහතා. ගීතයට ලස්සන රූප රචනයක් එකතු කරලා දුන්නේ ලස්සන ජයසේකර මහතා. බෙල්ලන්විල රාජමහා විහාරය තමයි, ගීතයට පසුබිම වුණේ. මගේ බිරිඳ, රෝහිණි මට සංගීතය සමග යන ගමනට විශාල සහායක් ලබාදෙනවා. ඇය ගුරුවරියක්.

ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන පැවසුවොත්…

ශ්‍රී ලාංකිකයකු ලෙස මගේ ගායන හැකියාව ලෝකයට ගෙන යෑම තමයි ලොකුම අරමුණ. ‘යූ ටියුබ්’ එකට ගිහිල්ලා .ීයරසය්රියසඑය. කියලා ටයිප් කරලා මගේ ගීත ඇසිය හැකියි. ආගම්, ජාති, කුල මළ බේද නොතකමින් ඉදිරියට යන්නත්, විශ්ව භාෂාව වන සංගීතය ඔස්සේ නිර්මාණකරණයේ යෙදීමටත් මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලස්සන ජයසේකර මහතා අධ්‍යක්‍ෂණය කළ ‘ගේම් ඕවර්’ චිත්‍රපටය වෙනුවෙන් රංගනයට ලැබුණු අවස්ථාවත් සිහිපත් කරන්න කැමැතියි. අවස්ථාවක් ලැබුණොත් ගායනය වගේම, රංගනයෙනුත් මගේ දක්‍ෂතා රසිකයින් අතරට ගෙන එනවා.

සුජීව

advertistmentadvertistment
advertistmentadvertistment