චිත්‍රයේ චමත්කාරය TheTen

239

චිත්‍රයක චමත්කාරයට හේතු වන්නේ එය ක්‍රියාත්මක වීමේ සුවිශේෂී කුසලතාවය හා විශ්වාසයයි. පෑන හෝ පාට කූරු හෝ භාවිතයේ දී දක්වන සුකුමාල බව ගැන රස්කින් පවසන්නේ ‘හුරු පුරුදු පින්සලයේ පවතින සුකුමල බව’ යනුවෙනි.

උපුටා ගැනීම:- සේනාරත්න වීරසිංහ – කලාවේ තේරුම කුමක් ද. පිටු අංකය 181

චිත්‍රයේ චමත්කාරය TheTen

ඉහත සඳහන් සුවිශේෂී කුසලතාවය හා විශ්වාසය කැන්වසය මත මැනවින් සටහන් කළ මෙරට ප්‍රකට චිත්‍ර ශිල්පී ශිල්පිනියන් 10 දෙනකුගේ එකතුවෙන් The Ten නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් මෙම මස 21 දා සහ 22 යන දෙදින තුළ කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වීමට නියමිතය. චිත්‍ර කලාවට ඇල්මක් දක්වන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවිධත්වයෙන් යුත් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම සහ ඒ තුළින් චිත්‍ර කලාව පිළිබඳ යම් වින්දනාත්මක ඉසව්වක් වෙත ප්‍රේක්‍ෂක ප්‍රජාව රැගෙන යෑමේ The Ten චිත්‍ර ප්‍රදර්ශනයේ මූලික අරමුණ බවට පත්ව ඇත. එකිනෙකට වෙනස් ශෛලීන් 10ක් නියෝජනය වන පරිද්දෙන් සිතුවමට නඟන ලද සිතුම් රැසක් දැකබලා ගැනීමට එහිදී ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවන අතර එය විරල අවස්ථාවක් ලෙස ද නම් කළ හැක.

වසර 40ට අධික කාලයක් වෘත්තීය චිත්‍ර ශිල්පීන් ලෙස ක්‍ෂේත්‍රයේ රැඳී සිටින චිත්‍ර ශිල්පීන් දසදෙනකුගේ නිර්මාණ මෙහිදී දැකබලා ගන්නට ලැබෙන අතර මෙම ප්‍රදර්ශනයේ පවතින තවත් විශේෂත්වයක් බවට පත්වන්නේ ප්‍රදර්ශනය සඳහා චිත්‍ර ඉදිරිපත් කරන චිත්‍ර ශීල්පීන් හා සම්මුඛ වෙමින් චිත්‍ර කලාව පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් හා දැනුම බෙදාහදා ගැනීමට අවස්ථාව හිමිවීමය.

නවීන තාක්‍ෂණය හමුවේ චිත්‍ර කලාව නවීකරණය වෙමින් පැවැතිය ද මෙම ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් තව දුරටත් ඔවුන්ට අනන්‍ය වූ මාවතක ගමන් කරන අතර නවීන තාක්ෂණය යනු මොවුන්හට තව දුරටත් පැන්සල පින්සල මෙන් තවත් මෙවලමක් පමණය. එය කෙසේ ද යත් මැනවින් අවබෝධ කරගැනීම පිණිස The Ten චිත්‍ර ප්‍රදර්ශනය නැරඹිය යුතුය.

චිත්‍රයේ චමත්කාරය TheTen
● ජනක රත්නායක

කිරිබත්ගොඩ උපන් ජනක රත්නායක කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්ය. පාසල් සමයේ සිට ම චිත්‍ර කලාව තුළින් සමත්කම් දක්වන ඔහු චිත්‍ර ශිල්පියකු ලෙස මුල්වරට කලඑළි බහින්නේ කොළඹ ආනන්ද – නාලන්ද ක්‍රිකට් තරගය සිතුවමට නඟන ලද කාටුන් චිත්‍ර ශිල්පියෙක් ලෙසින්ය. පසු කලෙක තමන්ටම ආවේණික වූ සුවිශේෂී ශෛලියක් අනුගමනය කිරීම තුළ සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනඟා ගන්නට සමත් වන ඔහු දීර්ඝ කාලයක් මුළුල්ලේ දිවයින සහ ඉරිදා දිවයින ජාතික පුවත්පත්වල ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස ද කටයුතු කර ඇත. මෙරට චිත්‍රකතා කලාවේ විශිෂ්ටම චිත්‍ර ශිල්පියා ලෙස ප්‍රසිද්ධියට පත් ජනක රත්නායක චිත්‍ර ශිල්පීන් රැසක් රටට දායාද කළ ගුරුවරයකු ලෙස ද කටයුතු කළ අයෙක්ය.

● ගුණසිරි කොළඹගේ

රජයේ කලායතනයේ උගත්, ගුණසිරි කොළඹගේ ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන ස්ටැන්ලි අබේසිංහ, එස්. බී. පෙරේරා, ජී. එස්. ප්‍රනාන්දු, සුසිල් ප්‍රේමරත්න වෙතින් චිත්‍ර කර්මය ප්‍රගුණ කර ඇත. ඔහු වසර 60ක් පමණ චිත්‍ර කලාවේ නියැළෙමින් දේශීය සහ විදේශීය චිත්‍ර ප්‍රදර්ශන 20ක් පමණ පවත්වා ඇත. රාජ්‍ය සම්මානවලින් පිදුම් ලබා ඇත. මුල් පෙළේ ප්‍රචාරණ ආයතනවල කලා සහ නිර්මාණ අධ්‍යක්‍ෂවරයකු ලෙස වෘත්තීය දිවිය ගතකර ඇත.

චිත්‍රයේ චමත්කාරය TheTen
● අනුර ශ්‍රීනාත්

කිරුළපන ඉපිද ලුම්බිණි මහා විද්‍යාලයේ විද්‍යා විෂයන් උගත් ඔහු විනෝදාංශය ලෙස චිත්‍ර කලාව ප්‍රගුණ කර ඇත. චිත්‍ර කතා ශිල්පියකු ලෙස නම් දරා ඇත. ලොව පුරා රටවල් 14කට චිත්‍ර නිර්මාණ තිස් ගණනක් පවත්වා ඇත. ඔහුගේ එකම අභිප්‍රාය ලෝක ප්‍රකට චිත්‍රයක් නිර්මාණය කිරීමටයි. ඒ සඳහා දැනටමත් ඔහු සැලසුම් සකස්කර ඇත.

● සුසන්ත නානායක්කාර

අම්බළන්ගොඩ අලුත්වල උපන් සුසන්ත නානායක්කාර සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධරයෙකි. බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කර ඇති ඔහු, රූපවාහිනී නාලිකා පසුතල නිර්මාණ ශිල්පියකු ලෙස ද ප්‍රවීණත්වයට පත් අයෙකි. The Ten චිත්‍ර ප්‍රදර්ශනය පිණිස ඔහුගේ නිර්මාණ රැසක් ඇතුළත්ය. ජාත්‍යන්තර වශයෙන් සම්මාන හා ඇගයීම් රැසකට හිමිකම් කියන නිර්මාණකරුවකු වන ඔහු තෙල් සායම් චිත්‍ර ඇඳීමේ ප්‍රවීණයෙකි.

● ශිරානි නානායක්කාර

යටියන්තොට බදුල්ලමාන ග්‍රාමයේ උපත ලබන ශිරානි නානායක්කාර විද්‍යා විෂයන් හදාරණ අතර චිත්‍ර ශිල්පය ප්‍රගුණ කරන ලද නිර්මාණ ශිල්පිනියකි. පසු කලෙක චිත්‍ර ශිල්පය තම වෘත්තිය ලෙස තෝරාගත් ඇය ජාතික රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය රූප අංශයේ ප්‍රධානි ලෙස ද කටයුතු කර ඇත. දිය සායම් චිත්‍ර සහ පෝට්රේට් ඇඳීම හොඳින් ප්‍රගුණ කොට ඇති ඇය Acrylic, Oil, Pencil ආදී ඕනෑම මාධ්‍යයක් ඔස්සේ චිත්‍ර කලාවේ නිරතවන්නියක්ය.

චිත්‍රයේ චමත්කාරය TheTen
චිත්‍රයේ චමත්කාරය TheTen
● සුනිල් කටුගම්පල

විද්‍යා උපාධිධරයකු වන සුනිල් කටුගම්පල මෙල්බර්න් චිත්‍ර පාසලේ වසර 02ක් චිත්‍ර කලාව හදාරා ඇති ඔහු මුදලිඳු අමරසේකර යටතේ තවත් වසර 06ක කාලයක් චිත්‍ර ශිල්පය හදාරා ඇත. ඊට අමතරව ඩොනල්ඩ් රාමනායක වැනි ප්‍රවීණයන් යටතේ තවදුරටත් චිත්‍ර ශිල්පය ප්‍රගුණ කර ඇති ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

● වසන්ත සිරිවර්ධන

නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වේ. සම්මානලාභී කාටුන් චිත්‍ර ශිල්පියෙකි. දිය සායම් චිත්‍ර කලාව ප්‍රගුණ කර ඇති අතර භූමි දර්ශන ඇඳීම විනෝදාංශය කරගෙන ඇත. ප්‍රධාන පුවත්පත් ආයතන කීපයකම සේවය කර ඇත. දේශපාලන කාටුන් ශිල්පියෙකි.

● ගාමිණී අබේකෝන්

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ විද්‍යා විෂයන් ඉගෙනගත් ඔහු විනෝදාංශය වශයෙන් චිත්‍ර තනියම ප්‍රගුණ කර ඇත. චිත්‍ර කතා ශිල්පියකු ලෙස ප්‍රසිද්ධියක් දරන ඔහු ස්ටැන්ලි අබේසිංහ වෙතින් චිත්‍ර කලාව ඉගෙනගෙන ඇත. දැන් ඔහුගේ වැඩි කැමැත්ත Line Drawing නිසා එය ප්‍රගුණ කර ඇත. Line Drawing කලාවේ ලංකාවේ සිටින දැවැන්තයෙකි.

චිත්‍රයේ චමත්කාරය TheTen
චිත්‍රයේ චමත්කාරය TheTen
● නුවන් තේනුවර

විද්‍යා විෂයන්ගෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු බෙල්ජියම් හි ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පය සඳහා උසස් අධ්‍යාපනය ලැබවේය. ප්‍රචාරක නිර්මාණ කලාව රැකියාව ලෙස තෝරා ගත් ඔහු නිර්මාණ අධ්‍යක්‍ෂක ලෙස සේවය කර තමන්ගේම ප්‍රචාරණ හා නිර්මාණ ආයතනයක් පවත්වා ගෙනයයි. ජයසිරි සේමගේ කලාකරුවා සමග නිර්මාණ කටයුතුවල යෙදීමෙන් කලාව තව දුරටත් ප්‍රගුණ කර ඇත. සජීවී මානවරූප චිත්‍ර කලාව ඔහුගේ විනෝදාංශය සහ විශේෂ හැකියාවයි.

● රොහාන් දසනායක

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. විද්‍යා විෂය ධාරාවේ ඉගෙන ගත් ඔහු විනෝදාංශ වශයෙන් චිත්‍ර කලාව ප්‍රගුණ කළේය. ඡායාරූපකරණය සහ බටහිර සංගීතය ද මැනවින් ප්‍රගුණ කර ඇත. වනජීවී චිත්‍ර කලාවට වැඩි ඇල්මක් දක්වන ඔහු මානව රූප ඇදීම ද ප්‍රගුණ කර ඇත. මුද්‍රණ ශිල්පය ද හදාරා ඇති ඔහු පුවත්පත් රැසකට තමන්ගේ නිර්මාණ දායක කර ඇත. රැකියාව ලෙස ප්‍රචාරණ කලාව තෝරාගත් ඔහු ප්‍රමුඛ පෙළේ ආයතනය කීපයක ප්‍රචාරණ කළමනාකාරිත්වය දරා ඇත.

● රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment