හමුදා සෙබළා ගෙල සිරකර බිරිඳ මරලා

515

හමුදා සෙබළකු තමන්ගේ බිරිඳ ගෙල හිරකර මරා දැමීමේ සිද්ධියක් මුතූර් පොලිසියෙන් වාර්තා වෙයි.

මෙසේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි තිදරු මවකි.

කාලාන්තරයක් තිස්සේ මෙම අඹුසැමි යුවළ අතර අඩදබර සිදුවන බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මෙම සැකකරු නිවාඩු ලබාගෙන සිය නිවසට පැමිණ ඇති අතර බිරිඳ නිදාගෙන සිටියදී ඇය මෙසේ මරා දමා ඇත.

මෙම සැකකරු මත්ද්‍රව්‍යයට හුරුවූ අයකු දැයි කියා පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සැකකරු රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment