රාජසන්තක කරන අයිස් මත් ජාවාරමුත් හරහා යළිත් අලෙවියට

326

රාජසන්තක කළ අයිස් මත්ද්‍රව්‍ය දූෂිත නිලධාරීන්ගේ සහායෙන් යළි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත ලැබෙන බව ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතා අනාවරණය කර ඇත.

පාසල් සිසුන් අතට අයිස් මත්ද්‍රව්‍ය ලැබීම ගැන වැඩිදුරටත් කරුණු දක්වන ඒ මහතා බන්ධනාගාරය ද මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වී ඇතැයි ද මත්ද්‍රව්‍ය ප්‍රධානීන් සිරගෙයි සිට කාර්යක්ෂමව මත්ද්‍රව්‍ය බෙදාහරින බව ද කියයි.

අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ඉතා ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට පත් නොවන බව ද හෙතෙම සඳහන් කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment