පොතුහැර ව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව දැන් කඩනවා – ප්‍රශ්නය ඉවරයි – මර්වින් සිල්වා

355

පොතුහැර ප්‍රදේශයේ ඉදිකළ දළදා මාලිගාවට සමාන බව කියන ගොඩනැඟිල්ලේ පත්තිරිප්පුව තමා කළ දැනුම්දීම මත චෝදනාවට ලක්වූ පුද්ගලයා විසින් කඩා දැමීමට පටන් ගත් බව හිටපු ඇමැතිවරයකුවූ මර්වින් සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (8දා) පැවැසීය.

මෙම ගොඩනැඟිල්ල පිළිබඳව රටේ මහත් ආන්දෝලනයක් ඇතිවූ අවස්ථාවේ කොන්දපණ ඇති එක් දේශපාලනඥයකු හෝ එය කඩාදමන ලෙස එම පුද්ගලයාට දැනුම් නොදුන් බවද ඒ මහතා කීවේය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මේ ගැන ආරංචිවෙලා මම එතනට ගියා. මට කිසිම දේශපාලන පක්‍ෂයක් නැහැ. පක්‍ෂ සංවිධායකයකුත් නෙමේ. ප්‍රශ්නයක් ආවාම ඒක දුරදිග යන්න නොදී කටයුතු කළ යුතුයි.

පත්තිරිප්පුව කඩා දමන ලෙස මම එහි හිමිකරුට දැනුම් දුන්නා. කඩාදැමුවේ නැත්නම් සති දෙකක් යන්නට කළින් එය කඩා දමන බවත් මම කිව්වා. ඊට පස්සේ මම එතැන සමාධි බුදු පිළිමයක් තැන්පත් කරන බව දැනුම් දුන්නා. ප්‍රශ්නය එතැනින් ඉවරයි.

කැලණිය ආසනයේ හරක් මස් විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කළේ මමයි. ඔහොමයි වැඩ කරන්න ඕනේ. දිවයින පත්‍රය මම අගය කරනවා ප්‍රශ්නය ඇතිවෙන මොහොතේම ජනතාව වෙනුවෙන් දිවයින කෙළින් කතා කරනවා.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment