මෙහෙම ගියොත් ජාතික ගීයත් රැප් කරලා රීමික්ස් කරාවි- ඇමැති විදුර වික්‍රමනායක

618

ජාතික ගීය විකෘති කර ගායනා කිරීම බරපතළ වරදක්

ජාතික ගීය විකෘති කර ගායනා කිරීම හෝ වෙනස් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් එසේ කරන්නන්ට එරෙහිව පවතින නීතිය යටතේ කටයුතු කළ හැකි බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා ‘දිවයින’ට ඊයේ (31 දා) පැවසීය.

‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය ආරම්භක අවස්ථාවේදී පෙරේදා (30දා) ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා එසේ කියා සිටියේය.

ඕනෑම රටකට අනන්‍ය වූ අභිමානය පිළිබිඹු කරන්නා වූ ජාතික ගීයක් පවතින බවත් විශේෂයෙන් මෙරට ජාතික ගීය 78 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද ඇතුළත්ව ඇති බැවින් එය වෙනස් කිරීම හෝ පවතින ගීතය විකෘති කිරීම නීතිමය වරදක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ජාතික ගීයේ තනුව, පද මාලාව සහ සංගීතයත් කිසිවිට වෙනස් කළ නොහැකියි. මේ විදිහට ගියොත් ඉදිරියේදී ජාතික ගීය රැප් කරලා රීමික්ස් කරලා ඒකට නටන්නත් පටන් ගනියි. ජාතික ගීතය කවුරුන් හෝ වෙනස් කිරීමකට ලක්කර ගායනා කරනවා නම් එය රටේ අභිමානය හෑල්ලුවට ලක් කිරීමක් බවද හෙතෙම පැවසීය.

සුජීව තත්සර

උමාරා නෝ කතා

මේ සම්බන්ධයෙන් විමසීමට එම ගායනාව සිදුකළ ගායන ශිල්පිනී උමාරා සිංහවංශගෙන් අප කළ විමසීමකදී එයට පිළිතුරු ලබා දුන්නේ වෙනත් කාන්තාවකි.

ඇය පැවසුවේ උමාරා කොළඹින් බැහැරව සිටින බවත් එම ගායනය සම්බන්ධව කිසිවක් ප්‍රකාශ නොකිරීමට ඇය තීරණය කර ඇති බවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment