රට බංකොලොත් කළ රාජපක්‍ෂලා – ලක්‍ෂ 220ක ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා

105

විපක්‍ෂ නායක සජිත්

රට බංකොලොත් කරමින් රාජපක්ෂවරුන් ඇතුළු පිරිස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට අධිකරණය හමුවේ ඔප්පු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, පී.බී. ජයසුන්දර සහ ආටිගල යනාදීන් රට බංකොලොත් කිරීමට වගකිව යුතු බවට සමගි ජන බලවේගයේ නීති සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා ප්‍රමුඛ නීති කණ්ඩායම සමගි ජන බලවේගය සාමාජිකයන් මුල් කර ගෙන ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් විසින් කියා සිටියේ පෙත්සම ඉදිරිපත් කළ අයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඉහත නම් සඳහන් පුද්ගලයන් වගකිවයුතු බව පැවසූ විපක්ෂ නායකවරයා මෙය අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුවක් බවත් කීවේය.

රට බංකොලොත් කිරීමට සහ ආර්ථීක වශයෙන් විනාශ කරන්න රාජපක්ෂවරුන් ඇතුළු පිරිස වගකිව යුතු බවට ගරු අධිකරණය තීන්දු කර ඇති බවත් ඒ අනුව අප රට බංකොලොත් කළ පිරිස පැහැදිලිව ඔප්පු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලනඥයන් වූ පමණින් අප රටේ අයිතිකරුවන් නොව තාවකාලික භාරකරුවන් වුවත් රාජපක්ෂවරුන් යුද ජයග්‍රහණය මූලික කර ගෙන රට සම්පූර්ණයෙන් ලියා ගෙන රට විනාශ කළේ යැයි ද පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තීන්දුව තුළ රාජපක්ෂවරුන් ඇතුළු මෙම පිරිස ලක්ෂ 220කගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දු කර ඇති බවයි.

සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 47 වැනි අදියර යටතේ කළුතර අගලවත්ත මිහිඳු මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට ඉකුත් 14 වැනිදා එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment