වෙස් බැඳගෙන එන පිරමීඩ හොරුන්ට අහුවෙන්න එපා මහ බැංකුව කියයි

103

මහ බැංකුව විසින් දැනටමත් නම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රම 08 ට අමතරව තවත් පිරමීඩ වංචාකරුවන් සිටිය හැකි බවත් ඔවුන් පිළිබඳව ද විමර්ශනය කරමින් සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම වංචනික ව්‍යාපාර ප්‍රකට ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාදය සපයන අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මගින් යහපත් ආයතන හෝ පුද්ගලයන් ලෙස සමාජයේ පෙනී සිටීමට උත්සාහ ගන්නා බව ද මහ බැංකුව කියයි. එහෙත් ඒ සඳහා නොරැවටෙන ලෙසත් තමන් උපයා ගත් මුදල් රැකගන්නා ලෙසත් මහ බැංකුව මහජනතාවට අවවාද කර සිටී.

දැනටමත් මහ බැංකුව විසින් පිරමීඩ යෝජනා ක්‍රම 8ක් පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කර ඇත. එහෙත් දැනට ක්‍රියාත්මක සියලුම පිරමීඩ යෝජනා ක්‍රම එම ලැයිස්තුවේ අඩංගු නොවිය හැකි බව ද මහ බැංකුව තවදුරටත් මහජනයාට අනතුරු අඟවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment