Commercial Bank LEAP GlobalLinker ඔන්ලයින් ව්‍යාපාරය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර වෙළඳපළටපහසුවෙන් ඇතුළු වීමට සහාය දෙන ඩිජිටල් වේදිකාවක්

118
දෙලක්ෂන් හෙට්ටිආරච්චි මහතා පුද්ගලික බැංකුකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කොමර්ෂල් බැංකුව

කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකුකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දෙලක්ෂන් හෙට්ටිආරච්චි

දේශීය ව්‍යාපාර ජාත්‍යන්තරයට ගෙන යන Commercial Bank LEAP GlobalLinker ඔන් ලයින් ව්‍යාපාර වේදිකාව දේශීය ව්‍යාපාර ජාත්‍යන්තර වෙළඳපළට ළඟා කරලීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් වර්තමානයට ගැලපෙන ලෙසින් හඳුන්වා දුන් නවතම වැඩසටහන වන Commercial Bank LEAP GlobalLinker ඔන්ලයින් ව්‍යාපාර ජාලය මාස 03 ක් වැනි ඉතා කෙටි කලකදී 5,000 කට වැඩි සාමාජිකයන්ගේ ලියාපදිංචිවීම් සමග සාර්ථක කඩඉමක් පසු කරමින් සිටිනු ලබයි. මෙම සාර්ථක ගමන් මග පිළිබඳව අදහස් දැක්වීමට කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකුකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දෙලක්ෂන් හෙට්ටිආරච්චි මහතා අපත් සමග මෙසේ එක් විය.

ප්‍රශ්නය: දේශීය ව්‍යාපාර ප්‍රජාව වෙනුවෙන් මාස 03 කට පෙර හඳුන්වා දුන් Commercial Bank LEAPGlobalLinker ඔන්ලයින් ව්‍යාපාර ජාලය යනු කුමක්ද?

පිළිතුර: Commercial Bank LEAP GlobalLinker ඔන්ලයින් ව්‍යාපාර ජාලය යනු දේශීය ව්‍යාපාර, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර වෙළඳපළට පහසුවෙන් ඇතුළු වීමට සහාය දෙන ඩිජිටල් වේදිකාවක්. ජාත්‍යන්තර වෙළඳපළ තරගකාරීත්වය ජය ගැනීමට පුළුල් පරාසයක අවස්ථාවන් හා පහසුකම් මෙම වේදිකාවෙන් දේශීය ව්‍යාපාර ප්‍රජාවට අත්විඳින්න හැකියාව ලැබෙනවා. ඒ සේවාවන් කිහිපයක් ගැන සඳහන් කරනවා නම් ව්‍යාපාරයට ැ-ජදපපැරජැ වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමේ හැකියාව, අදාළ ව්‍යාපාර ක්‍ෂේත්‍රයන් පිළිබඳව දැනුම ලබා ගැනීමේ හැකියාව, අනෙක් ව්‍යාපාර ප්‍රජාව සමග සම්බන්ධතා ඇති කර ගැනීමට හැකි වීම සහ ව්‍යාපාරයේ වර්ධනයට අවශ්‍ය වන ඩිජිටල් මෙවලම් කට්ටලයක් හිමි වීම පෙන්වා දීමට හැකියි. අනෙක් ව්‍යාපාර ප්‍රජාව සමග සම්බන්ධතා ඇති කර ගැනීම ගැන කථා කරන විට එහි ඇති විශේෂත්වය වන්නේ, මෙහිදී එක හා සමාන ව්‍යාපාර අදහස් ඇති පිරිසක් සමග අදහස් හුවමාරු කර ගැනීමට ඇති හැකියාව සහ එමගින් නිර්මාණය වන ව්‍යාපාර අවස්ථාවන්ය. ඒ වගේම, අදහස් හා දැනුම බෙදා හදා ගැනීමට වේදිකාවක් තිබීම ව්‍යාපාර ප්‍රජාවට ඉතා වටිනා දෙයක් වන අතර එමගින් ව්‍යාපාර ලෝකයේ අලුත්වීම් සහ වෙනස්වීම් පිළිබඳව දැනුවත් වෙමින් ව්‍යාපාර ලෝකය තුළ දියුණු වීමේ හැකියාව හිමි වෙනවා.

ප්‍රශ්නය: Commercial Bank LEAP GlobalLinker ඔන්ලයින් ව්‍යාපාර ජාලයේ ප්‍රධාන අරමුණ කුමක්ද?

පිළිතුර: ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව ලෙස දේශීය ව්‍යාපාර නගා සිටුවීම වෙනුවෙන් කටයුතු කිරීම අපගේ වගකීමක් ලෙස අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනය වීමට හා ජාත්‍යන්තර වෙළඳපළ ජය ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරලීම කොමර්ෂල් බැංකුවේ මෙන්ම Commercial Bank LEAP GlobalLinker ඔන්ලයින් ව්‍යාපාර වේදිකාවේප්‍රධාන අරමුණ වෙනවා. වර්තමාන ලෝකයට අනුකූලව අපනයනය ඉහළ නැංවීමට සහ විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීමට නම් නව්‍ය, ඩිජිටල් ක්‍රමවේදයන් ඉතා අවශ්‍ය වන අතර Commercial Bank LEAP GlobalLinker දියත් කිරීමත් සමග කොමර්ෂල් බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ඇතුළු සිය ව්‍යාපාර සඳහා අති නවීන තාක්ෂණය සහ වෙළඳපළ තුළ තරගකාරීව සිටීමට උපකාරී වන පුළුල් පරාසයක ව්‍යාපාරික සේවා ලබා දෙමින් ඔවුන්ට ගෝලීය වෙළඳපළ වෙත පහසුවෙන් ළඟා වීමට අවස්ථාව ලබාදී තිබෙනවා. එමෙන්ම, මෙම ව්‍යාපාර ජාලය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගොඩනගා ඇති අතර මෙය ‘GlobalLinker’ නම් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ව්‍යාපාර ජාලයට අනුබද්ධිත වේදිකාවක්ද වේ. එම නිසා ලොව පුරා සිටින ගනුදෙනුකරුවන් සහ සැපයුම්කරුවන් සමග එක්වී ව්‍යාපාර ජාලකරණය වැඩි දියුණු කිරීමට, විදේශ වෙළඳපළ අවස්ථා සොයා ගැනීමට මේ සමග ලියාපදිංචි වන ව්‍යාපාරිකයන්ට හැකිවේ. මෙහි ඇති ඉහළ ආරක්‍ෂිත බව නිසාම අනෙක් ව්‍යාපාරික ප්‍රජාව සමග අදහස් හා දැනුම හුවමාරු කර ගැනීමද පහසු හා ලෙහෙසි වේ. විශේෂයෙන්ම, මෙහි කාන්තා ව්‍යවසායකයන් සඳහාම වෙන්වූ වෙනම අංශයක්ද ඇති අතර එමගින් ඔවුන්ටම සුවිශේෂ වූ සේවාවන් රැසක්ද ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ප්‍රශ්නය: මෙමගින් ලබාදෙන ව්‍යාපාර සේවාවන් මොනවාද?

පිළිතුර: Commercial Bank LEAP GlobalLinker හරහා මූල්‍ය, අලෙවිකරණය, සැපයුම් සහ නැව් සේවා වැනි ව්‍යාපාරික සේවා රැසක් පිරිනමන අතර විවිධ ව්‍යාපාරික බුද්ධි මෙවලම් වෙත ප්‍රවේශයද ව්‍යාපාරවලට සපයයි. මෙම මෙවලම් මගින් ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ කාර්ය සාධනය විශ්ලේෂණය කිරීමට, ඔවුන්ගේ විකුණුම් සහ අලෙවිකරණ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට සහ ඔන්ලයින් මාධ්‍යයේ ව්‍යාපාරය පිළිබඳව සඳහන් වන දේ නිරීක්ෂණය කිරීමට හැකියාව ලබා දීම සිදු වේ.

මෙම ඔන්ලයින් ව්‍යාපාර ජාලයේ තවත් ප්‍රතිලාබ නම් ව්‍යාපාර ප්‍රවර්ධනය, ජාලකරණ අවස්ථා, මූල්‍ය ප්‍රවේශය, ගෝලීය වෙළඳපළට පිවිසීම, ව්‍යාපාරික සේවා සහ ව්‍යාපාරික කෘත්‍රිම බුද්ධිය හඳුන්වන්න හැකයි. මෙම සියලුම ප්‍රතිලාබ ලබාදීමට විශේෂයෙන්ම හැකි වී තිබෙන්නේ මෙම ජාලය රටවල් 150කට වැඩි ගණනක ව්‍යාපාර සහ ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වී තිබීමයි.

ප්‍රශ්නය: Commercial Bank LEAP GlobalLinker ඔන්ලයින් ව්‍යාපාර ජාලයට මෙම මාස 03 ඇතුළත ලැබී ඇති ප්‍රතිචාර මොනවාද?

පිළිතුර: මේ කෙටි කාලය තුළ ලැබී ඇති ප්‍රතිචාරය ඉතා ඉහළයි. දැනටමත් 5,000කට වැඩි ව්‍යවසායකයන් පිරිසක් මේ සමග ලියාපදිංචි වී සිටින අතර තවත් ව්‍යවසායකයන් එක් වෙමින් සිටිනවා. ඒ වගේම එක් වී ඇති ව්‍යාපාරිකයන්ට මෙය භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කිරීම් සිදු කරමින් විශ්වාසය ගොඩනැගීමද අප විසින් සිදු කරනවා. ඒ වගේම මෙම ජාලයේ වටිනාකම වැඩි කරලීම වෙනුවෙන් වෙළඳ සංගම් ඇතුළුව තවත් විවිධ පාර්ශ්ව එක් කරගැනීම සඳහාද කටයුතු සිදු කරමින් සිටිනවා.

ප්‍රශ්නය: මෙම ව්‍යාපාර ජාලයේ සාර්ථකත්වයට බාහිර පරිසරයෙන් ඇති වෙන බලපෑම කොහොමද?

පිළිතුර: Commercial Bank LEAP GlobalLinker වැනි ව්‍යාපාර සඳහා සහාය දෙන වේදිකාවකට සම්බන්ධ වීමට රටේ පවතින තත්ත්වය දේශීය ව්‍යාපාරිකයන්ට අමතර පෙළඹවීමක් සපයනවා. ඉතා හොඳ ආර්ථික තත්ත්වයකදී වුවත් කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයකට ගෝලීය වෙළඳපළට පිවිසීම පහසු නොවන අවස්ථාවක පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් අනුව, දේශීය ව්‍යාපාරිකයන්ට ජාත්‍යන තර වෙළඳපළට පිවිසෙමින් ව්‍යාපාර අවස්ථා සොයා ගැනීම දුෂ්කර වේ. එම නිසා විශ්වසන ීය බැංකුවක් සමගින් එක්ව ගොඩනගන ලද මෙවැනි ඩිජිටල් පද්ධතියක් දේශීය ව්‍යාපාර නඟා සිටුවීම සඳහා කාලෝචිත මුලපිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

ප්‍රශ්නය: Commercial Bank LEAP GlobalLinker ඔන්ලයින් ව්‍යාපාර ජාලය අනාගත අභියෝග ජය ගැනීමට සූදානම් වන්නේ කෙසේද?

පිළිතුර: රටේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමගින් එක් වී අපගේ පාරිභෝගිකයන්ට ගැලපෙන ලෙසින් තවත් බොහෝ ආකර්ශණීය සේවාවන් ලබා දෙමින් මෙම ජාලය වඩාත් ක්‍රියාකාරී ලෙස පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සිදුකරගෙන යනු ලබනවා.

advertistmentadvertistment
advertistmentadvertistment