අමානා බැංකුව මෙරට සිසු පරපුරේ අනාගත සිහින බලගැන්වීමේ අරමුණින් සංවිධානය කළිඵහ ‘My Future” My Dream’ දීපව්‍යාප්ත රචනා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වන ලද එම උත්සවයේ ප්‍රධාන දේශනය, ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමීන්ද්‍රි සපරමාදු මහත්මිය විසින් සිදුකරන ලදි.

අමානා බැංකුවේ මෙහෙවර වන සංවර්ධනයට අත්වැලක්, ඉසුරුමත් ජීවිතයක් යන තේමාව ඔස්සේ පවත්වන ලද මෙම රචනා තරගය, රටේ අනාගත පරපුරේ සිහින හා අපේක්ෂාවන් සමග ඔවුන් ඉදිරියේ ඇති අනන්තප්‍රමාණ වූ අවස්ථාවන්හි මහිමයත් ලොවට පෙන්වා දුන් සුවිශේෂී වැඩසටහනක් විය. මෙහිදී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් වයස් කාණ්ඩ දෙකක් යටතේ පළමු හා දෙවැනි ස්ථාන සඳහා සම්මාන හා ත්‍යාග පිරිනමන ලද අතර, කුසලතා සහතිකද පිරිනමන ලදි. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 42 දෙනෙකු ඇතුළු ඔවුන්ගේ දෙමාපියන් හා ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment