අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන’ පාපන්දු තරගාවලිය ලබන සඳුදා සිට…

122

‘‘අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන’’ සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය ලබන සඳුදා (08දා) ප:ව: 04.00 ට පැවැත්වෙන බංග්ලාදේශය සහ සීෂෙල්ස් යන දෙරට අතර තරගයෙන් ආරම්භ කෙරේ.

තරග 07 කින් සැදුම්ලත් වන මෙම තරගාවලිය ලබන 17 දින දක්වා පැවැත්වීමට සංවිධායකයින් වන ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබෙන අතර එහි ජයග‍්‍රහණය පතා ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින සහ සීෂෙල්ස් යන රටවල් තරග වදී.

අලූත්ම ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව මෙම තරගාවලියට සහභාගි වන මාලදිවයින ට 156 වෙනි ස්ථානය ද බංග්ලාදේශය ට 187 වැනි ස්ථානය ද අප‍්‍රිකානු මහද්වීපයට අයත් සීෂෙල්ස් ¥පත් පිලට 199 ස්ථානය ද ශ‍්‍රී ලංකාවට 204 ස්ථානය ද හිමි වෙයි.

මෙහි ආරම්භක වටය ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක කෙරෙන අතර එහිදී ඉහළම ප‍්‍රසාද ලකුණු හිමි කර ගන්නා දෙරට 17 දින ප:ව:07.00 ට ඇරඹෙන තීරණාත්මක අවසන් තරගය සඳහා වරම් ලබනු ඇත.

මෙම අවසාන මහා තරගය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වේ.

මෙහි ලීග් වටයේදී සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් සමන්විත ශ‍්‍රී ලංකා ජාතික පිල 08 දින මාලදිවයිනට එරෙහිව ද 11 දින සීෂෙල්ස් ¥පත් පිලට එරෙහිව ද 14 දින බංග්ලාදේශයට එරෙහිව ද තරග වැදීමට නියමිතය.

පසුගිය ඔක්තෝබර් මස මුල මාලදිවයිනේදී පවත්වන ලද 13 වැනි දකුණු ආසියාතික පාපන්දු තරගාවලිය සඳහා සහභාගි කරවන ලද ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයින් එලෙසින්ම මෙවර තරගාවලියට ද ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන තීරණය තිබේ.

මෙරට පාපන්දු ඉතිහාසයේ පළමු වරට සංවිධානය කර ඇති සිව්කොන් පාපන්දු තරගාවලිය කොළඹ හතේ පිහිටි ජාතික ක‍්‍රීඩා සංකීර්ණ ක‍්‍රීඩාංගණය හෙවත් පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වීමට පියවර ගෙන ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් බව ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් මහතා අනාවරණය කළේය. ජෛව ආරක්ෂක බුබුලක ආරක්ෂාව යටතේ සියලූ ක‍්‍රීඩකයින් සහ නිලධාරීන් තරගවලට සහභාගි කරවීමට ද පියවර ගෙන තිබෙන බව ද හෙතෙම අවධාරණය කළේය.


ලීග් වටයේ තරග සැළසුම

2021.11.08

ප:ව: 04.00 බංග්ලාදේශය සහ සීෂෙල්ස්

ප:ව: 09.00 මාලදිවයින සහ ශ‍්‍රී ලංකාව

2021.11.11

ප:ව: 04.00 බංග්ලාදේශය සහ මාලදිවයින

ප:ව: 09.00 සීෂෙල්ස් සහ ශ‍්‍රී ලංකාව

2021.11.14

ප:ව: 04.00 මාලදිවයින සහ සීෂෙල්ස්

ප:ව: 09.00 ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය

2021.11.17

ප:ව: 07.00 අවසාන මහා තරගය

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment