ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇනහිටීමේ වගකීම රජය භාරගත යුතුයි – පැෆරල් විධායක අධ්‍යක්ෂ

83

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන තෙක් ඉතිහාසයේ මුල්වරට ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇනහිටීමේ වගකීම රජය භාරගත යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ (14 දා) ප්‍රකාශ කළේය.

මීට පෙර පැවැති සෑම මැතිවරණයකම බොහෝ රාජ්‍ය ආයතන, ගෙවීමේ පදනම මත මැතිවරණ කොමිසම සමග සහයෝගයෙන් කටයුතු කළත් පළමු වතාවට මැතිවරණ කොමිසමේ මුල්‍ය ස්වාධීනත්වය අහිමිව ගොස් ඇතැයි හෙතෙම සඳහන් කළේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුවක් විසින් යටපත් කෙරෙන තත්ත්වයක් තුළ මැතිවරණ කොමිසමට නිදහස් මැතිවරණයක් පැවැත්වීම අභියෝගයක් වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

ආර්ථික සාධක මත මැතිවරණය කල්දැමීමට රජය කටයුතු කළහොත්, අනාගතයේ පැමිණෙන ඕනෑම පාලකයකුට පාර්ලිමේන්තු මැතිවරණ ද

කල්දැමීමට හෝ අවලංගු කිරීමට හැකියාව පවතින බැවින් එය බරපතළ අවදානමක ආරම්භය බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment